27 April 2024
#සංවර්ධන

තරුණ තරුණියන්ට නව තාක්ෂණික උද්‍යාන බිහිකිරීම ඇමැති නාමල්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

මෙරට තාක්ෂණික කේෂ්ත්‍රයේ නව පිබිදීමක් ඇති කිරීම අරමුණු කරගනිමින් මෙරට ඉඳිවන ප්‍රථම නව තාක්ෂණික උද්‍යානය පිහිටුවීම ඊයේ (12) දින ගාල්ලේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඒ අනුව ඉදිරියේදී ලංකාව පුරා තාක්ෂණික උද්‍යාන 05ක් ඉදි වේ.

අපේ රටේ තරුණයාගේ අනාගතය නූතනත්වය සමගින් තාක්ෂණික හා ඩිජිටල් ලෝකය වෙත විවර කර ඒ තුළ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම මෙම නව තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමේ අරමුණ වෙයි.

ඒ අනුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහය ඇතිව ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් මෙරට බිහිවන පළමු වන තාක්ෂණික උද්‍යානයේ කටයුතු ඊයේ දින ඇරඹිණි.

එහි භූමිය සකස් කිරිමේ කටයුතු කඩිනමින් නිම කර අදියරෙන් අදියර ගොඩනැගිලි ඉඳිකිරීමේ අවසන් කර මාස 03ක් ඇතුළත මෙම නව තාක්ෂණික උද්‍යානය ස්ථාපිත කිරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාවට වැවිලි කර්මාන්‍ත අමාත්‍ය රමේෂ් පතිරණ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, පළාත් ප්‍රධාන ලේකම්තුමා ඇතුළු නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *