27 April 2024
#දේශීය

අපරාධ කල්ලි සාමාජිකයෙක් පොලිස් වෙඩි පහරින් මරුට

ගනේමුල්ල සංජිව යන අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙක් අද (26) පෙරවරුවේ පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය නිවේදනය කළේ මල්වතුහිටිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ක්ෂණික මාර්ග බාධකයක් උදෑසන 5.30 යොදා යතුරුපැදියක් නැවැත්වීමට කටයුතු කිරීමේදී එය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරින් විසින් එම යතුරුපැදිය ලුහුබැඳ ගිය අවස්ථාවේදී යතුරුපැදිකරු විසින් පොලිසියට වෙඩිතබා ඇති බවයි. එහිදී පොලිසිය එල්ල කල ප්‍රති ප්‍රහාර හේතුවෙන සැකකරු තුවාල ලබා උදෑසන 5.50 මල්වතු හිරිපිටිය ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 25ක් වු එල්ලක්කල ප්‍ර දේශයේ පදිංචි පේඩිගේ සංජිව සම්පත් නොහොත් කැටවල පිටිගේ සම්පත් යන අය වේ.

සැකකරු 2018 වසරේ 08 මස 28 වන දින රන්මුතුගල කඩවත ප්‍ර දේශයේදී වයස අවුරුදු 35 ක කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ නඩුවක චුදිතයෙක් වන අතර ගනේමුල්ල සංජිව යන අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙක් බවට ද අනාවරණ වී ඇත. සැකකරු විසින් පොලිසියට වෙඩි තැබි විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අපරාධ කල්ලීවල වෙඩික්කරුවෙක් ලෙස කටයුතු කර ඇති බවට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට ද තොරතරු අනාවරණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ සහකාර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ කොළඹ උතරු අපරාධ කොට්ඨාසය හා මල්වතු හිරිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *