• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගජමිතුරු ධනවාදය නතර කර කම්කරුවා හා ව්‍යාපාරිකයන් ශක්තිමත් කළ යුතු යි – විපක්ෂනායක සජිත්

17 August 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, රජයට ළං වූ පමණින් විශේෂ වරදාන වරප්‍රසාද ප්‍රතිලාභ ලැබූ යුගය අවසන් කළ යුතු බවත් සම භූමියක් තුළ මෙරට ව්‍යාපාරවලට තරග කිරීමේ අවස්ථාව ලබා දෙනවා සේම වැඩ කරන ජනතාවත් මෙම ප්‍රගතියේ කොටස් කරුවන් විය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මූලිකත්වයෙන් විපක්ෂ නායක කමිටුව මෙරට ව්‍යාපාරිකයන් සමඟ පැවැත් අවස්ථාවේ දීය.

එසේ ම දූෂණය වංචාව හොරකම තුරන් කළ යුතු බවත් මේ රට විනාශ කළ මංකොල්ල කන ලද දූෂිත කණ්ඩායම් හොරා කාපු අරමුදල් නැවත රටට ලබා ගෙන එම හොරුන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් අහිමි වූ සම්පත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නැවත ලබා ගැනීම සදහා නීති සම්පාදනය කළ යුතු බවත් හෙතෙම පැවසීය.

එසේ ම ධනවතුන් පමණක් නොව සාමාන්‍ය පුද්ගලයාටත් කොටස් වෙළෙඳපොළේ සුළු කොටස් හෝ අයිති විය යුතු ය යන සංකල්පය තමා විශ්වාස කරන බවත් ඒ තුළින් තරුණ ප්‍රජාව ආර්ථික ගමනේ කොටස්කරුවන් බවට පත් වන බවත් එය අප රට තුළ ද ක්‍රියාත්මක විය යුතු බවත් එසේ ලබන ලාභයේ කොටසක් වැඩ කරන ජනතාවට හිමි විය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

රටේ ඉදිරි ගමනට ප්‍රගතිය වෙනුවෙන් වැඩපොළේ කාර්මික සාමය අවශ්‍ය බවත් එය නිර්මාණය වීම සඳහා රජය අයිතිකරුවන් වැඩ කරන ජනතාව යන පාර්ශ්ව 3ම එක හා සමාන ගමනක යා යුතු බවත් මෙය එක් පාර්ශ්වයකගේ ජයග්‍රහණයක් හා එක් පාර්ශ්වයකගේ පරාජයක් නොවිය යුතු බවත් හැම පාර්ශ්වයක්ම දිනිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ජයග්‍රහණය සදහා වැදගත් වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමන බවත් මානුෂිය ධනවාදය හරහා ධනය උත්පාදනය කරන ව්‍යවසායකත්වයට ව්‍යාපාරවලට කර්මාන්තවලට ලබා දෙන උපරිම සහයෝගය ලබා දෙන බවත් ඒ සදහා නිති රිති රෙගුලාසි සම්පාදනය කර දෙන නමුත් එසේ උත්පාදනය කරන ධනය බෙදී යාමේදී අසමතුලිතතාවක් ඇති නොවිය යුතු බවත් එම ධන උත්පාදනය ක්‍රමය මානුෂිය විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තවද පොහොසතා පමණක් ශක්තිමත් විය යුතුය යන ප්‍රතිපත්තියක තමා පිහිටා නොමැති බවත් එවැනි ප්‍රතිපත්ති ඇති පිරිස නිසා සුපිරි ධනවතුන්ට බිලියන 600ක් 700ත් අතර බදු සහන ලබා දී රටේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා අඩු කිරීම නිසා රට බංකොලොත් වූ බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ රටට අවශ්‍ය වී ඇත්තේ මානුෂිය ධනවාදය, සමාජ වෙලෙදපොළ ආර්ථිකය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය බවත් ඒ තුළින් මෙරට ව්‍යවසායකත්වය දිරිමත් කර කර්මාන්ත නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම කර ධනය උත්පාදනය කළ යුතු බවත් එසේ උත්පාදනය කරන ධනය සීමාසහිත රාජ්‍ය මැදිහත්වීම තුළ ධනවාදයේ ඇති ඌනතා මගහරවා සම්පත් බෙදී යාම සාධාරණව මානුෂීයව සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

මේ සංකල්පය තුළ හාම්පුතුන්, අයිතිකරුවන් හා වැඩ කරන ප්‍රජාව අතර මනා සබදතාවක් ඇති විය යුතු බවත් ඒ තුළ කාර්මික සාමය ඇති කළ යුතු බවත් ඒ තුළ ක්ෂුද්‍ර, කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය කුසලතා මත දියුණු වීමට අවශ්‍ය සමාන පරිසරයක් නිර්මාණය කරන බවත් මෙතෙක් කල් ක්‍රියාත්මක වූ ගජමිතුරු ධනවාදය හරහා එවැනි සම බිමක් නිර්මාණය නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

එමෙන් ම මෙවැනි සංවාද සිදු කළ යුත්තේ රටේ ජනාධිපති, අගමැති හෝ කම්කරු ඇමති වුවත් වර්තමානයේ එය සිදු කරන්නේ විපක්ෂය බවත් විපක්ෂය විසින් වත්මන් බංකොලොත්භාවයෙන් රට මුදවා ගැනීම සඳහා වැඩ කරන ජනතාව සහ ව්‍යාපාරිකයන් එක්ව වැඩසටහනක් සකස් කර ඇති බවත් ඒ තුළින් ලොව පිළිගන්නා ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට රට පත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය කටයුතු කරන්නේ යල්පැනගිය රාමුවක් තුල නොව අනාගත දැක්මක් සහිත ජනතාවාදී ජනහිතකාමී ව්‍යාපාර හිතෛශී හා කම්කරු හිතෛශී ගමනක් බවත් ඒ සදහා සහාය ලබා දෙන ලෙසත් ඊලග අවස්ථාවේ ව්‍යාපාර හිමියන් හා කම්කරු ප්‍රජාව එකිනෙකට හමුවන සාකච්ඡා මණ්ඩපයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

වාර්ෂිකව සංචාරකයන් මිලියන 05ක් මෙරටට ගෙන්වා ගන්න මහන්සි වෙන්න – ජනපති

Next Post

රනිල්ව තමා මිලග ජනාධිපති කල යුත්තේ  – විදේශගතව සිටින ලාංසාගෙන් නිවේදනයක්

editor

editor

Next Post

රනිල්ව තමා මිලග ජනාධිපති කල යුත්තේ  - විදේශගතව සිටින ලාංසාගෙන් නිවේදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

AI නිසා 6,000කගේ සේවය අත්හිටුවෙයි

14 May 2025
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved