• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රවුන් ප්‍රින්සස් එයි- වරාය අධිකාරිය වැඩ අරඹයි

29 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනයවීමත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇත. 

ඒ අනුව කොළඹ වරාය වෙත ඊයේ (28) ‘ක්‍රවුන් ප්‍රින්සස්’ නැමති ඇමෙරිකානු මගී නෞකාව සුඛෝපභෝගී මගී නෞකාව පැමිණියේය.

එය මෙරටට පැමිණ ඇත්තේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වරායෙහි සිට දින 15ක පමණ ගමනක් අවසන් කරමින්ය.

මෙහි පිලිපීන ජාතිකයින් 1,466ක්, ඉන්දියානු ජාතිකයින් 380ක්, ඉන්දුනීසියානු 113ක්, ඉතාලි 28ක්, චීන ජාතික 22ක් හා ඕස්ටේ්‍රලියානු, යුක්රේන්, බල්ගේරියානු, ජපන්, දකුණු අප්‍රිකා ආදී රටවල් 28ක වැසියන් මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරන අතර එය කාමර දෙදහසකට වැඩි ප්‍රමාණයකින් සමන්විතය.

එහි සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් විවිධ රටවල අය වන අතර ඔවුන් සිය රටවල් වෙත යැවීම අද (29) සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානා මගින් සිදුකෙරෙන බව වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මේ කාර්ය මණ්ඩලය අතරින් ඉන්දියානු ජාතිකයින් 310 දෙනකු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයකින් අද (29) සියරට බලා ගමන් ගන්නා බව ද එම නිලධාරියා පැවසීය.

මෙය විශේෂ අවසරයක් මත මාස ගණනාවක් රට රටවල සංචාරයක නිරත වූ නෞකාවක් බව ද එම නිලධාරියා සඳහන් කළේය.
 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි, නියෝජ්‍ය පාලක කේසි ප්‍රනාන්දු සහ තොටුපල හා වරාය භාර සහකාර පාලක ජයන්ත රත්නායක යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකෙරේ.
සෙසු පිරිසද ඉදිරියේදී ගුවන් මගින් සිය රටවල් බලා පිටත් කිරීමෙන් අනතුරුව නෞකාව ඇමෙරිකාව බලා ගමන් අරඹනු ඇතැයි ද එම නිලධාරියා පැවසීය.
 
මෙම මෙහෙයුම් කටයුතු සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ඉතා ආරක්‍ෂාකාරී අයුරින් සිදුවන බව කී හෙතෙම එහි නිෂ්කාෂණ කටයුතු හා බැඳුම්කර ලබාගැනීම සිදුකරන්නේ ද ආගමන විගමන නිලධාරීන් පිරිසක් නෞකාව තුළට ගොස් බව ප්‍රකාශ කළේය.
 
ඒ අනුව විශේෂිත ආරක්‍ෂක ඇඳුම්වලින් සැරසුණු නිලධාරීන් හය දෙනෙකු සමඟ තමන් ද වරාය භාර නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රොෂාන් සම්පත් මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම කටයුතු සිදුකළ බව ද ඔහු කීවේය.
 
මෙවැනි තවත් නෞකාවක් ලබන 31 වැනිදාත් කොළඹ වරායට පැමිණෙන බව හෙතෙම පැවසීය.
 
කොරෝනා වසංගතය සමඟ ලෝකය මුහුණ පා ඇති තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ගුවන් සේවය විසින් කරන මෙම කාර්යය මානුෂීය මෙහෙයුමක් බව ද ඔහු පැවසීය.
 
මෙයින් ශ්‍රී ලංකාවට ආදායමක් මෙන්ම මෙවැනි මානුෂීය මෙහෙයුමක් තුළින් ලෝකය තුළ ශ්‍රී ලංකාව ගැන යහපත් ප්‍රතිරූපයක් ද ගොඩනැගෙන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.

Post Views: 1
Previous Post

ආරක්ෂක අමාත්‍යංශයේ IT යුනිට් එක මිලෝදා ගොඩනැගිල්ලට මාරු කරයි

Next Post

දෙවසරක් යනතුරු වරිපනම් බදු වැඩිවෙන්නේ නෑ – ජනකගේ යෝජනාවට කැබිනට් අනුමැතිය “

editor

editor

Next Post

දෙවසරක් යනතුරු වරිපනම් බදු වැඩිවෙන්නේ නෑ - ජනකගේ යෝජනාවට කැබිනට් අනුමැතිය "

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved