27 April 2024
#දේශීය

මහර බන්ධානාගාරයේ මිය ගිය ගණන 8 දක්වා ඉහලට

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම සිද්ධියෙන් තුවාල ලැබූ 48 දෙනෙකු ප්‍රතිකාර සඳහා රාගම රෝහල වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පිරිස විසින් යම් ආකාරයේ නොසන්සුතාවයක් නිර්මාණය කර ඇති බව පොලිසය පවසයි.

ඒ අනුව පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් පහරදීමට පටන්ගෙන ඇති බව වාර්තා වේ.

මහර බන්ධනාගාරය තුළ හටගත් ගින්න මේ වන විට පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බව ඔවුන් සඳහන් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *