27 April 2024
#දේශීය

මහර බන්ධානාගරයේ වෙඩි තැබිමකින් රැඳවියෙකු ජිවිතක්ෂයට

මහර බන්ධනාගාරය තුළ අද (29) පස්වරුවේ ඇති වු නොසන්සුන්කාරි තත්ත්වය හමුවේ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන්ගේ සහය සඳහා කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ හා රාගම පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් 5ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙන අතර එමෙන්ම විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් තවත් කණ්ඩායම් කිහිපයක් පිටත් කර යවා තිබෙන බවත් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තහවුරු කිරීමට එම පිරිස යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *