• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හැමෝම එකතු වෙලා ගම හදමු – රාජ්‍ය ඇමැති දුමින්ද

30 November 2020
in දේශීය

ඉදිරි අවුරුදු 05 තුළ අප බලාපොරොත්තු වන සංවර්ධනය වෙත කරා ළගා විය හැකි බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රාජාංගනය යාය 16 ගොවිපල හන්දියේ සිට තුන්බෝධිය හරහා ලිදවැව දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධන කිරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා, ” අපි හැමෝම මේ වෙලාවේ විශාල සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගෙන්,වෙනත් ජන නායකයොන්ට වඩා රට වේගවත්ව සංවර්ධනය කරයි කියන බලාපොරොත්තුව ජනාධිපතිවරයා බලයට පත් කරද්දීත්,ආණ්ඩුව බලයට පත් කරද්දීත් අපි හැමෝටම තිබුණා.ඒ නිසා තමයි සමහර වෙලාවට දැන් ජනාධිපතිකමත් දුන්නා නේ, 2/3 ක බලයත් එක්කත් ආණ්ඩුව දුන්නා.කෝ තාම අපේ වැඩේ වුණේ නෑනේ කියලා සමහර වෙලාවට පුංචි කලකිරීමක් හරි තියෙන්නේ.මේක අපි අවබෝධ කර ගත යුතුයි, අපි අවුරුදු 05 ක් තුළ තමයි මේ රට සංවර්ධනය කරන්න ගෝඨාභය මහත්තයාටයි, ආණ්ඩුවටයි බලය ලබා දුන්නේ, ඒ නිසා මේ අවුරුදු 05 තුළ අපි හැමෝම එක ගමනකයි යා යුත්තේ. එහෙම නැතිව කතිරය ගහල අවුරුද්දකට පස්සේ බැණ බැණ ගියාට වැඩක් වෙන්නේ නෑ, කතිරය ගහන්න මහන්සි වෙලා අවුරුද්දකින් ඈත් වුණොත්, අවුරුද්දකට පස්සේ වැඩ ටික වෙන කොට සමහර වෙලාවට ඡන්‌දේ කාලේ උදව් කලේවත් නැති කෙනෙක් ඉස්සරහට ඇවිත් ඒ අඩුව පුරවයි.ඒ නිසා ජනාධිපතිවරයා හදපු අපි, ආණ්ඩුව හදපු අපි හැමෝම එකා වගේ, එක කණ්ඩායමක් විදිහට අපේ ගමට සම්පත් ටික ගේන්න, අපේ ගමේ අඩුපාඩු ටික හදාගන්න, අපි හැමෝම එකා වගේ කටයුතු කරන්න ඔ්නකම තියෙනවා.ඒ නිසා මම විවෘතව ආරාධනා කරනවා අපි හැමෝම එකතු වුණොත් මේ ඉදිරි අවුරුදු 05 තුළ අපි දැන් මේ බලාපොරොත්තු වෙන සංවර්ධනය අපිට ලඟාකර ගන්න පුළුවන්කම තියෙනවා. මාගේ අමාත්‍යංශයෙන් ජනතාවට සිදු කරන සේවය ගැන කථා කලොත්, 2021 වර්ෂය සැමට විදුලිය ලබා දෙන වර්ෂය බවට පත් කරලා තියෙනවා.මේ වර්ෂය තුළ අපි කෙටි විදුලිය 100% ක් ලබා දීමත්,එ් වගේම විදුලිය ලබා ගන්න මුදල් නැතිව, තමන්ගේ අතේ මුදලක් නොමැතිව විදුලිය ලබා ගන්න බැරි කවුරුන් හෝ ඉන්නවා නම් ඒ අයටත් අපි විදුලිය ලබා දීලා 2021 වර්ෂයේ නොවැම්බර් මාසය වන විට 100% ක් ම රටේ සියලු නිවාස වල විදුලිය පාවිච්චි කරන රටක් විදිහට සැමට විදුලිය කියන තේමාව යටතේ අපි විදුලිය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම රාජාංගනය ප්‍රදේශයේ උස්සාන වාරී ව්‍යාපෘති වලදී, ජලය සම්පාදනය කර ගැනීමටත් විශාල මුදලක් පොම්ප සඳහා වැය වෙනවා.උස්සාන වාරී ව්‍යාපෘති සඳහාත් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කර ගෙන ගොවීන් ඒ සඳහා වැය කරන මුදල අවම කරලා ගොවියාගේ නිෂ්පාදන වියදම අවම කරලා, ගොවි ආර්ථිකය ශක්තිමත් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි වසර 03 ඇතුළත සමෘද්ධි පවුල් ලක්ෂයකට සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරලා, ආණ්ඩුවෙන් රුපියල් 1000 ක් – 2000 ක් ගන්න නෙමෙයි, තමන්ගේ වහලය මත සූර්ය පැනල සවි කරලා තමන් ආදායමක් උපයන පවුලක් බවට පත් කරනවා.අපි හැමදාම ආණ්ඩුවෙන් ඉල්ලගෙන -කාගෙන ඉන්නවාද? එහෙම නැත්නම් අපි අපේ දෙපයින් නැගී සිටින පවුලක් බවට පත් වෙනවාද කියන වෙනසත් අපි මේ රටේ ඇති කරන්න ඔ්නකම තියෙනවා.ඒ නිසා අපි පවුල් ලක්ෂයක් මේ සඳහා අපි තෝරා ගෙන මින් පස්සේ ආණ්ඩුවෙන් ඉල්ලා ගන්න ඔ්න නෑ, තමන්ගේ වහලය මත තියෙන සූර්ය පැනලයෙන් විදුලිය නිෂ්පාදනය කරලා තමන්ගේ පවුල පෝෂණය කරන පවුලක් බවට පවුල් ලක්ෂයක් අපි ඉදිරි අවුරුදු 03 ක කාළය තුල අපි ශක්තිමත් කරනවා.ඒ වගේම රාජ්‍යය ආයතන සඳහා විදුලිය නොමිලේ ලබා ගැනීමට, රාජ්‍යය අයතන වල වහල මත සූර්ය පැනල සවි කරන වැඩසටහනත් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා, ඒ සඳහා ප්‍රාදේශිය සභා, පොලීසිය, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වගේ රාජ්‍යය ආයතන වලට ඉල්ලුම් කරලා ඒ අවස්ථාව උදා කර ගන්න පුළුවන්කම තියෙනවා.ඒ වගේම අපි ගොවි පළවල් 10 000 ක් වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්ම වෙන වතුර පොම්ප ලබා දීලා අඩු වියදම් ගොවිතැනක් බවට ඒ ගොවි තැන පත් කරලා ගොවියාගේ ආර්ථිකය ශක්තිමත් කරනවා.ඒ වගේම ආගමික සිද්ධස්ථාන වල විදුලි බිල අවම කර ගන්න, විදුලි බිල ශූන්‍ය කර ග්නන අවශ්‍යය කරන සූර්ය පැනල ලබා දෙන්නත් අපි ඉදිරි කාළය තුළ කටයුතු කරනවා.විදුලිය සඳහා දායක සභාවෙන් එක රුපියලක්වත් එකතු කරන්නේ නැතිව පන්සලේ වහළය මත සවි කරන සූර්ය පැනලයේ ආධාරයෙන් පන්සලේ විදුලි බිල ගෙවා ගන්න හැකියාව තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ හා අග්‍රඅමාත්‍යය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් මෙවැනි වැඩසටහන් රාශියක් සිදු කරමින්, ඉදිරි වසර තුළ විශාල සංවර්ධනයක් මෙරට තුළ ක්‍රියාත්මක වෙන ගමන් අපි හදපු ආණ්ඩුවෙ, අපි හදපු ජනාධිපතිතුමන්ගේ අවුරුදු 05 ක කාළය අවසන් වන විට අපි බලාපොරොත්තු වූ බොහෝ දේවල් ඉෂ්ඨ වූ කාළ පරිච්ජේදයක් ලෙස මෙම කාළය වෙනස් කරන්න, ශක්තිමත් කරන්න තමයි අපේ බලාපොරොත්තුව තියෙන්නේ, ඒ සඳහා අපි හැමෝම එකතු වෙලා එක ගමනක් යමු, විශේෂයෙන්ම මතක් කරනවා ඡන්ද කාළයේ තිබුණ දේශපාලන මත ගැටුම් දැන් තියා ගන්න එපා, ආයේ ඡන්දයක් ආවම පක්ෂ වලට බෙදෙන්න පුළුවන්, හැමෝම එකතු වෙලා අපේ ගම හදමු, අපේ රට අපි සංවර්ධනය කරමු, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි මේ තීන්දු ගමු යැයි පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

Post Views: 3
Previous Post

මහර බන්ධානාගාරයේ මිය ගිය ගණන 8 දක්වා ඉහලට

Next Post

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණ නවීකරණය කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන පවසයි

editor

editor

Next Post

පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීරණ නවීකරණය කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved