• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරනවා – ඇමැති රමේෂ්

16 January 2024
in දේශීය, පුවත්
සෞඛ්‍ය වෘත්තීය සමිතිවල ඉල්ලීම් ගැන මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරනවා – ඇමැති රමේෂ්

සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිතයින් අතර අද (16) පැවැති විශේෂ සාකච්ජාවකදිය.

වෛද්‍යවරුන් හට ලබා දුන් රු.35,000 ක දීමනාව සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින් රෝහල් තුළ ක්‍රියාත්මක එක්දින වැඩ වර්ජනය හේතුවෙන් මෙම සාකච්ජාව පැවැත්වුණි.

වෘත්තීය සමිති නියෝජිතයින්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් දුන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ අද සවස මුදල් අමාත්‍යංශය සමඟ මේ පිලිබදව කතිකා කිරීමට විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට තීරණය කල බවත් මේ සදහා සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජනය කරමින් නියෝජිතයින්ට ද මේ සදහා සහභාගී වන ලෙසටද, අමාත්‍යවරයා ඉල්ලීමක් කල අතර එම විශේෂ සාකච්ජාවට සහභාගී වීමට වෘත්තීය සමිති නියෝජිතයින් කැමැත්ත පලකර සිටියේය.

සෞඛ්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය ගරුත්වය රැක ගනිමින් ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය නිරතුරුව කටයුතු කරන බවත්, මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව ඉතා විශිෂ්ට මට්ටමක පවතින බවත් ඊට ජාත්‍යන්තර ප්‍රසාදය පවා ලැබෙන බවද, එහි සියලුම ගෞරවය මේ සදහා දායකත්වය දක්වන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් හට හිමිවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම සාකච්ජා සදහා  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, සෞඛ්‍ය වෘත්තීය සමිත සන්ධානයේ නියෝජිතයින්ද සහභාගී වුහ.

Post Views: 82
Previous Post

වත්මන් ජනාධිපති ජාතික අපේක්ෂකයා විය යුතුයි – ඇමැති ප්‍රසන්න

Next Post

රට ගොඩනැගීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – මන්ත්‍රී වජිර

editor ttvnews

editor ttvnews

Next Post
රට ගොඩනැගීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ – මන්ත්‍රී වජිර

රට ගොඩනැගීමට ජනපතිගේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නැහැ - මන්ත්‍රී වජිර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved