27 April 2024
#දේශීය

මෙරට ඉන්දුනීසියානු තානාපතිනිය සහ ඇමැති විමල් අතර සාකච්ජාවක්

ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින්, මෙරට ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබින් මහත්මිය හා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් ඊයේ(23) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝ වංශයෙන් සාකච්ජා විය.

මෙරට අපනයන ක්ෂේත්‍රය හා ආයෝජන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉන්දුනීසියානු වෙළෙඳ ප්‍රජාව සම්බන්ධ කරගනිමින් දෙරට අතර කර්මාන්ත කටයුතු ශක්තිමත්ව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

තම ඉන්දුනීසියානු සංචාරයේදී එරට කර්මාන්ත අමාත්‍යවරයා සමග සාකච්ජා කරගත් අවබෝධතා ගිවිසුම් නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට සුදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් රංජිත් විමලසූරිය, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *