27 April 2024
#දේශීය

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පැමිණීම පිළිබඳව පෙර දැනුම් දීමක් නැහැ

දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව විරෝධතාවක යෙදෙමින් සිටින නමුත් ඔවුන් ජනාධිපතිවරයා හමු වී සංදේශයක් භාර දීමට පැමිණ ඇති බව සඳහන් කළත් අද (24) ජනාධිපතිතුමා හමුවීමට පැමිණෙන බවට කිසිඳු පෙර දැනුම් දීමක් සිදුකර නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා අද පෙරවරුවේ මීට පෙර යොදාගත් වැඩසටහනක් සඳහා පිටත්ව ගොස් ඇත. දෙමළ සන්ධාන මන්ත්‍රී පිරිසට අග්‍රාමාත්‍යවරයා හමුවීමට වේලාවක් ලබාදී තිබුණත් ඔවුහු එම හමුවීමට නොගොස් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

ජනාධිපතිවරයා සිය කාර්යාලයේ නොමැති අවස්ථාවක පෙර දැනුම් දීමකින් ද තොරව පැමිණ මෙලෙස විරෝධතාවක නිරත වීම ජිනීවා මානව හිමිකම් සමුළුවට රජය කෙරෙහි වැරදි අවබෝධයක් ලබා දීමට සැලසුම්සහගතව කෙරෙන කුමන්ත්‍රණයක් බව පැහැදිලි ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *