• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හන්දියේ බෝඩ් එල්ලන් ඉන්නේ නැතිව – ළමයි හදන්න

6 July 2018
in ක්‍රීඩා

දරුවන් හදන්නේ නැතිව බොහෝ දේවල් කියමින් හන්දි ගානේ, පාරවල් ගානේ බෝඩ් අල්ලගෙන ඉන්න එක තමයි අපේ රටේ වැඩි හරියක් සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, අලුත්වැව ප්‍රදේශයේ ගැබිණි මාතාවන් පිරිසක් වෙනුවෙන් අත්‍යවශ්‍යය භාණ්ඩ බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රටේ සිංහල ජනගහනයට වඩා මුස්ලිම් ජනගහනයේ වර්ධනයක් ඇති බවත් ඇතැමුන් පවසමින් සිටින අතර ඔවුන් බෝඩ් එල්ලාගෙන පාරවල්වල විරෝධතා දියත් කරන බවයි. එවැනි දේ සිදු නොකර විවාහ කරගමින් දරුවන් සැදීමේ කටයුතුවල යෙදිමෙන් සිංහල ජනගහනය වර්ධනය වන බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ දැන් මේ රටේ බොරලු පාරවල් වෙනුවට කාපට් පාරවල් හැදිලා, කුප්පි ලාම්පු එළියෙන් හිටිය අපිට ලයිට් තියෙනවා,ඇලෙන් දොලේන් නාපූ , වතුර බීපු අපිට කරාමයක් ඇරිය ගමන් වතුර තියෙනවා, හැබැයි තාම අපේ ඔලු ටික හැදිලා නෑ.අපේ ඔලු ටික අපි වෙනස් කර ගන්න හදලා නෑ.අපි පහසුකම් වැඩි කර ගෙන තිබුණට අපේ ඔලු ටික වෙනස් කර ගෙන නෑ,ඒ නිසා ළමයි හදලා විතරක් මදි ඒ දරුවෝ සමාජයට වැඩදායි පුද්ගලෙයෙක් ලෙස ඒ ළමයාගේ මනස වෙනස් කරන එකත් දෙමාපියන්ගේ වගකීමක්.

දැන් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකක් එකට එකතු වුණාම රටක් කොච්චර සතුටු වෙන්න ඕනද? මගේ තාත්තා දේශපාලනය නිසා හිරේ ගියා.එහෙම කියලා මමත්, මගේ දරුවත් හිරේ යන්න ඕනද?මේ රටේ දේශපානය නිසා අපි පළිගත්තා.ඇණ කොටා ගත්තා, ගහගත්තා, අනුරාධපුර අය දන්නවා අපේ නමුත් එච්චර හොඳ නෑ.එහෙම වුණේ දේශපාලනයේ ඉතිහාසයේ තිබුණ වැරදි නිසා.එහෙන් ගහන කොට -මෙහෙන් ගැහුවා,එහෙන් කඩන කොට -මෙහෙනුත් කැඩුවා.හැබැයි ඒක අපි දිගටම යන්න ඕන නෑ.මේ අනුරාධපුරයේ ඉගෙන ගත්ත කෙනෙකුට රස්සාවක් ගන්න ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ ලියුම ඕනමද? ළමයෙක් ඉස්කෝලේ දාගන්න ආණ්ඩුවේ ඇමතිගේ ලියුම ඕනමද?ඇයි අපිට බැරි මේ වෙනස කරන්න.තාමත් අපේ ඔලු වලට මේක එන්නේ නෑ.අපේ වයසක ශ්‍රී ලංකාකාරයෝ ටික හිතනවා අවුරුදු 17 ක් යූ.එන්.පී එක අපිට ගැහුවා ඒ නිසා අපි මුන්ට ගහන්න ඕන කියලා.අපි අවුරුදු 20 ක් ආණ්ඩුවේ හිටිය නිසා යූ.එන්.පී කාරයෝ හිතනවා මුන් අවුරුදු 20 ක් ආණ්ඩුවේ හිටියා, මුන් අපෙන් පළිගත්තා අපිත් මුන්ගෙන් පළිග්නන ඕන කියලා.එහෙම නම් මේ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු වුණාම මේ රටේ සියලු දෙනාම සතුටු වෙන්න ඕන.හැබැයි තාමත් අපිට වයසක අයගේ ඔලුව වෙනස් කරන්න පුලුවන්කමක් නෑ.

අපේකම, නෑදෑකම, හිතවත්කම, මනුස්සකම තියාගන්න පුලුවන්නම් මේ රට යහපත් රටක් බවට පත් කර ගන්න පුලුවන්.මෙතැනත් ශ්‍රී ලංකා, ජේ.වී.පී, යූ.එන්.පී, පොහොට්ටු හැම පක්ෂයේ අයම ඇති,හැබැයි මේ පක්ෂ වල තියෙන ප්‍රශ්න නිසා අපි අපේ ඥාතිකම්, හිතවත්කම් නැති කර ගෙන තියෙනවා.අල්ලපු ගෙදර කෙනාගේ මූණ බලන්නේ නෑ පක්ෂ දේශපාලනය නිසා.මහින්ද මහත්තයයි රනිල් මහත්තයායි එකට කෝපී බ්ව්වා.දැන් රනිල් මහත්තයයි – මෛත්‍රී මහත්තයයි එකට ආණ්ඩු කරනවා.මමයි චන්ද්‍රාණී බංඩාරලයි එකට කෑම කනවා.අපි අතර ප්‍රශ්නයක් නෑ,හැබැයි අපි ගමට වෛරය දීලා තියෙනවා.ඒ නිසා මේ රට වෙනස් කරන්න ජනතාවට පුලුවන්කම තියෙනවා.හැබැයි ප්‍රශ්නයක් තියෙවා අපේ රටේ නායකයෝ හරි අඩුයි.අපේ රටේ හැමෝම බලන්නේ කාගේ හරි පස්සෙන් යන්න මිසක් රටක් සමාජයක් වෙනස් කරන්න අභියෝග භාර ගන්න හරි භයයි.හැබැයි 2015 ජනවාරී 08 වැනිදා අපි අභියෝගයක් භාර අරගෙන වෙනසක් කරලා පෙන්නුවා.අපිට ඒ වෙලාවේ කිව්වා කළු ගලේ ඔලුව ගහගන්නයි යන්නේ, ඔන්න මැරුම් කන්නයි යන්නේ කියලා.අපි අපේ ජීවිත පරදුවට තියලා ඒ වෙනස මේ රටේ ඇති කලා.ඒකෙන් පේනවා අපි යමක් හිතුවොත් අපිට ඕනකම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ කියලා.ඒ නිසා මේ උදා කල වෙනසින් වැඩක් කරමු යැයි පැවසීය.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී.ල.නි.ප සංවිධායක ප්‍රේමසිරි හෙට්ටිආරච්චි මහතා, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් හා මවුවරුන් පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 17
Previous Post

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ ඉන්දික අභාවප්‍රාප්ත වෙයි

Next Post

යහපාලනය, දණ්ඩමුක්තියේ ක්ෂේම භූමියක්?

editor

editor

Next Post

යහපාලනය, දණ්ඩමුක්තියේ ක්ෂේම භූමියක්?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved