• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අප සමඟ එක්වන්න අයට බාධා කරන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක

24 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විශ්‍රාම ගිය කවර හෝ නිලධාරියෙකුට අපත් සමග සම්බන්ධවී වැඩකරන්න තිබෙන අයිතියට බාධා කරන්න එපා කියලා අවධාරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

එහීදි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “ අපේ රටේ ආරක්ෂාව රඳා පවතින්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී ජන කොටස් ඉන්න ප්‍රධාන භාෂාවන් දෙකක් කතා කරන විවිධ සංස්කෘතීන්ගෙන් යුක්ත ජාතික සමගි ගොඩනැගුණු රටක් වුනොත් පමණයි. රටේ ජාතික ආරක්ෂව රඳා පවතින්නේ මේ සියලු ජන කණ්ඩායම් අතර සමගිය නිර්මාණය වුණොත් පමණයි. අපි තිස් අවුරුදු විනාශකාරී යුද්ධයකට මුහුණ දුන්නා. ඒ යුද්ධයත් ඕපපාතිකව නිර්මාණය වූවක් නොවෙයි. අපේ දේශපාලකයන් බලය අත්පත් කරගැනීම සඳහා විටින් විට උතුරෙත් දකුණෙත් තරගයට ජාතිවාදය වැපිරීමේ ප්‍රතිඵලයක් ලෙයසි යුද්ධය නිර්මාණය වුනේ. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වූවාට පසුව අපේ රටට නව ප්‍රවේශයක් අවශ්‍ය වුණා. දැන් අවුරුදු 14ක් ගතවී තිබුණත් තාමත් ජාතික සමගිය නිර්මාණය කර ගන්න අසමත් වී තිබෙනවා. තාමත් ඉතාම ලාබෙට ජාතිවාදය තමන්ගේ දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරනවා. උතුරෙත් දකුණෙත් අද අවශ්‍ය වී තිබෙන්නේ ජාතිවාදයට එරෙහි දේශපාලනයක්. එසේ නැතිව මේ වෙලාවේත් උතුරේ පක්ෂ තහනම් කරන්න යෝජනා කරන අයගේ ඔලුව පරීක්ෂා කරන්න ඕනෑ. දැන් අපට අවශ්‍යවී තිබෙන්නේ ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ දේශපාලනයයි. අපි දේශපාලන ව්‍යාපාරයක් විදිහට කටයුතු කරමින් ඉන්නේ ඒ වෙනුවෙන් ජනතාව සංවිධානය කරන්නයි.

මේ අවස්ථාවේ මම කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්න කැමතියි. අප රටේ ත්‍රිවිධ හමුදාවන් කෙරෙහි සමාජයේ විශේෂ ගරුත්වයක් තිබෙනවා. දේශපාලන නායකයන් විසින් හමුදාවන් තුළ විවිධ ඒකකයන් ගොඩනඟමින් ඒ හමුදාව අපවිත්‍රකරණයකට ලක්කළා. ලසන්ත ඝාතනය, පෝද්දල ජයන්තට පහරදීම, කීත් නොයාර් පැහැරගෙන යාම, මාධ්‍යවේදී නාමල්ට පහරදීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම, එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ආදිය පිටුපස ඉන්නේ කවුද? ඒ පරීක්ෂණ කොතරම් දුර ගිහින් නැවතුනාද කියලා අපි කවුරුත් දන්නවා. සමස්ත හමුදාවම අපකීර්තියට පත්කරමින් ඒවා තුළින් යොදා ගත් කුඩා කණ්ඩායම් රාජ්‍ය මර්දනයේ ඒකකයක් ලෙස යොදා ගත්තා. එය මේ රටේ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කිසිදු හමුදා නිලධාරියෙකු අනුමත කරන දෙයක් නෙවෙයි. මා මෙය නැවත අවධාරණය කරන්නේ නැවතත් මේ ක්‍රියාවලිය සිදුවෙමින් තිබෙන නිසයි. පසුගිය 12දා නාරාහේන්පිට, තෙරේසා පාරේ පල්ලිය ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයකට පහරදීමක් සිදුකළා. එයට විරෝධය පාමින් පසුගිය 19දා තවත් උද්ඝෝෂණයක් පැවැත්වූවා. ඒ උද්ඝෝෂණය බිය ගැන්වීම සඳහා කණ්ඩායම් ඒ අවට සැරිසරමින් සිටියා. නාරාහේන්පිට පොලීසියෙන් ඒ කණ්ඩායම් අත්අඩංගුවට ගත්තා. උද්ඝෝෂණවලට පහරදුන්, උද්ඝෝෂණවලට තර්ජනය කර, නාරාහේන්පිට පොලීසියේ අත්අඩංගුවට ගත් ඒ පිරිස කවුද? පාර්ලිමේන්තුවේත් හමුදාවන් සඳහා මුදල් වෙන්කර දී තිබෙන්නේ ජනතාවට පහර දෙන්න නොවෙයි. ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණවලට පහර දෙන්න නොවෙයි. ඒ නිසා නාරාහේන්පිට පහරදීම සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් පවත්වන ලෙස පොලීසිය බාර ඇමතිවරයාගෙන් මම ඉල්ලා සිටිනවා. නාරාහේන්පිට පොලීසියට කතා කොට අත්අඩංගුවට ගත් අය නිදහස් කරන්න පොලීසියට බලපෑම් කළේ කවුද? විවිධ දේශපාලන උවමනාකම් මත හමුදාවේ කුඩා කණ්ඩායම් හදමින් පහරදීම් සහ ජනතාව මැඩපැවැත්වීම සඳහා දරන උත්සාහයන් නතර කරන්න ඕනෑ. කුඩා හමුදා කණ්ඩායම් යොදවා කළ ඝාතනයන්, දහරදීම්, අතුදහන්කිරීම් ඉතිහාසයක් අපේ රටේ තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන්ගේ සාමූහිකයක් ගොඩනඟා තිබෙනවා. හමුදාවේ වෙන්න පුළුවන්, රජයේ ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන්, විශ්‍රාම යාමෙන් පසුව තමන් කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය තිබෙනවා. ඒක මේ රටේත් ප්‍රජාතන්ත්‍රවාදයේත් මූලික අයිතියක්. නමුත් තමන් කැමති දේශපාලන ව්‍යාපාරවලට පමණක් එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය ලබාදෙනවා නම්, එය කිසිසේත්ම යුක්තිසහගත නැහැ. වර්තමාන ආරක්ෂක ලේකම් ‘එළිය’ කියන සංවිධානය පිහිටුවාගෙන 2019 ජනාධිපතිවරණය සඳහා ඍජුව වැඩකළා. එය ඔහුගේ අයිතියක්. අපි ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ. ඔවුන්ට ඒ අයිතිය තිබෙනවා වගේමයි අපේ දේශපාලන ව්‍යාපාරයටත් එකතුවී වැඩකිරීමේ අයිතියක් විශ්‍රාමික හමුදා නිලධාරීන්ටත් සොල්දාදුවන්ටත් තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා ඒ අයිතිය මැඩපවත්වන්නේ කොහොමද? ඔහු ඔහුගේ අතීතයෙන්ම හාරලා අවුස්සලා බලන්න ඕනෑ. ඔහු යම් දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී වැඩිකිරීමේ ප්‍රතිඵලයක් හැටියටම තමයි ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබාදී තිබෙනවා. තමන්ගේ ගරුත්වය මැනෙන්නේ තරු පටිවලින් නොවෙයි. රාජකාරියේ සිටින විට පළන්දපු පදක්කමෙන් නොවෙයි ඔහුගේ ගරුත්වය මැනෙන්නේ. තමන්ට දී තිබෙන රාජකාරිය නිසි පරිදි ඉටුකරනවාද යන්න මතයි ගරුත්වය මැනෙන්නේ.

අපේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානියා නැගෙනහිර හිටපු ආඥාපති, මේජර් ජනරාල් අරුණ ජයසේකර. එතුමා, එතුමාගේ බිරිඳත් ඩුබායි ගොස් ආපසු පැමිණි 2023 08වැනි මාසයේ 23වැනිදා එම දෙදෙනාව ගුවන්තොටුපළේ නතර කරගෙන කුඩු අරගෙන එනවාද බලන්න විශේෂ පරීක්ෂාවකට ලක්කළා. ඔවුන්ට හිංසනයක් ගෙන දෙන්නයි මේ දේ කළේ. හේතුව වෙන මොකුත් නොවෙයි, ජාතික ජන බලවේගය සමග සක්‍රීයව දේශපාලනය කිරීමයි. දේශපාලනය කිරීමේ අයිතිය තිබෙන්නේ කමල් ගුණරත්න සහ ඔහු නියෝජනය කරන දේශපාලනය වෙනුවෙන් විතරයිද? මෙයට කලින් මා මේ පාර්ලිමේන්තුවේදී එයාර් වයිස් මාෂල් තුයියකොන්තා මහත්මා ඇතුළු නිලධාරීන් ගණනාවකට ලබාදී තිබුණු තහනම් නියෝගයක් ගැන ප්‍රශ්න කළා. අනෙකුත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කඳවුරුවලට ඇතුල්වීමට ලබාදී තිබෙන අවස්ථාව මේ අයට නොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. ඒ නඩුවේදී වර්තමාන ගුවන් හමුදාපතිවරයා වාචිකව පොරොන්දුවක් ලබාදී තිබෙනවා. නඩුව අවසානයේ දෙන තීරණය අපි බලමු. යම් දේශපාලන ව්‍යාපාරවලට විතරද මේ රටේ දේශපාලනය කිරීමේ අයිතිය තිබෙන්නේ.

‘අදිනට’ සාමූහිකයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට එල්ල කරන දේශපාලන බලපෑම් කිහිපයක් මම කියන්නම්. ඔවුන්ට කඳවුරුවලට ඇතුල්විම වාචිකව සීමාකර තිබෙනවා. විශ්‍රාමිකයන්ගේ වාර්ෂික සුහද හමුවීම්වලට සීමා පනවා තිනෙවා. ඒකක රෙජිමේන්තු සංවත්සරවලට සහභාගීවීමට සීමා පනවා තිබෙනවා. ගුවන් හමුදා විශ්‍රාමිකයන්ට ලබාදෙන වෛද්‍ය පහසුකම් ලබාදීම මේ අයට සීමා කර තිබෙනවා. මොනතරම් අශික්ෂිත වැඩක්ද? ඔවුන් විශ්‍රාම ගිය පසු තමන් කැමති දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීමට තිබෙන අයිතිය ජාතික ජන බලවේගයට සම්බන්ධවී ක්‍රියාකරන අයට පමණක් සීමා පැනවීම යුක්තිසහගතද? කමල් ගුණවර්ධනගේ හෘදසාක්ෂිය පිළිබඳව මම මේ ප්‍රශ්න කරන්නේ. මේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා එළිය ව්‍යාපාරය පිහිටුවාගෙන ක්‍රියාකළ ඔහු අනෙක් අයගේ දේශපාලනය සම්බන්ධයෙන් ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නතර කරන්න ඕනෑ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කැත, අපකීර්තිමත්, ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් තේරුම් ගන්න කියලා මම අවධාරණය කරනවා.

මීළඟට පොලීසිය ගැනත් කියන්න ඕනෑ. අද පොලිසිය යොදවන්නේ උද්ඝෝෂණ නතර කරන්න. මහින්දානන්ද ඔබතුමාලත් නුවර සිට කොළඹ පාගමන් ආවා. අපිත් උද්ඝෝෂණ පෙළපාලි පවත්වලා තිබෙනවා. නමුත් දැන් පොලීසිය යොදවා පහරදී නතර කරනවා. පාරට එන්න නොදීමේ සංස්කෘතියක් නිර්මාණය කෙරෙමින් තිබෙනවා. මහජන ආරක්ෂාවට බාධාවක් සිදුවෙනවා නම්, කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවෙනවා නම් මැඩපැවැත්වීමට එකඟයි. නමුත් ජනතාවට සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න අයිතියක් නැද්ද?

පසුගිය ජූලි මාසයේ 23වැනිදා ජාතික සමගිය පිළිබඳව හයිඞ් පිටියේ සිට විහාරමහාදේවී එකට ගිය සංස්කෘතික පෙරහැරටත් පහර දුන්නා. මොකක්ද මේ කරන්නේ? තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව හඬගා කියන්න අයිතියක් නැද්ද? ජාතික සමගිය පිළිබඳ සංස්කෘතික පෙරහැරකට පහර දෙන්න පොලිස්පතිවරයාට තිබෙන බලය මොකක්ද? ටවුන්හොල් අසළින් එක පොලීසියක සීමාවක් ඉවර වෙනවා. අනෙක් සීමාව අයිතිය පොලීසිය බාරව ඉන්න නිලධාරියා මීට පෙර මාතර සිටියේ. ඔහුට නියෝග දුන්නේ සාගල රත්නායක. පොලිස්පති නොවෙයි. අපේ රටේ පෙළපාළිවලට පහර දෙන්න තීන්දු ගන්න සහ නියෝග දෙන්න සාගල රත්නායකට මේ පාර්ලිමේන්තුවෙන් දී තිබෙන බලය මොකක්ද? මෙසේ පහර දීමට යොදාගන්නේ පහළ පොලිස් නිලධාරීන්. එම පොලිස් නිලධාරීන් විශාල පීඩනයක සිටියද රාජකාරි කටයුතුවලට යන්නවත් වාහන නැහැ. ඉන්ධන ලබාදෙන්නේ නැහැ. මේ වගේ තත්වයක් තිබියදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනතාවට හඬ නඟන්න තිබෙන අයිතිය මැඩපවත්වන්න සූදානම් වෙන්න එපා. විශ්‍රාම ගිය කවර හෝ නිලධාරියෙකුට අපත් සමග සම්බන්ධවී වැඩකරන්න තිබෙන අයිතියට බාධා කරන්න එපා කියලා අවධාරණය කරනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 3
Previous Post

අපනයන ආර්ථිකයක් කරා යන ගමනේදී නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි – ජනපති

Next Post

උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ දකුණු උමං ද්වාරයේ කැණීම් කටයුතු ආරම්භ කෙරේ

editor

editor

Next Post

උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ දකුණු උමං ද්වාරයේ කැණීම් කටයුතු ආරම්භ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved