• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරන්න Portable ventilators යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්

2 September 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව එක්සත් ජනපද රජය, අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද ඒජන්සිය (USAID) හරහා ශ්‍රී ලංකාවට නවීනතම Portable ventilators යන්ත්‍ර 200 ක් පරිත්‍යාග කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එම පරිත්‍යාගය අද දින (02) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් (Ms.AlainaTeplits) මහත්මියගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

එක්සත් ජනපදයේ නවීන තාක්ෂණයට අනුව නිෂ්පාදිත මෙම උපකරණ කොවිඩ්-19 වෛරසයෙන් පීඩාවට පත් රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා පහසුවෙන් යෙදවිය හැක. එක්සත් ජනපද රජය 1956 සිට ශ්‍රී ලංකාවට සංවර්ධන හා මානුෂීය ආධාර සපයනු ලබයි. පසුගිය වසර 20 තුළ එක්සත් ජනපදය ඩොලර් මිලියන 26 කට වැඩි සෞඛ්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ඩොලර් මිලියන 5.8 කට වැඩි මුදලක මෙම පරිත්‍යාගය සමඟ අනුපූරක පුහුණුව හා නඩත්තු සහාය ලබා දෙනු ලබයි.

මෙම අති නවීන Portable ventilators යන්ත්‍ර ශ්‍රී ලංකාවට ලබාදීමට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය ” ලෝක සෞඛ්‍ය සංවිධානය COVID-19 මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර අදට දින 216 ක් වනවා. COVID-19 වෛරසය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වාර්තාවීමත් සමග, රට තුළ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සහ ප්‍රජා සම්ප්‍රේෂණය වැළැක්වීමට අප රටේ දේශපාලන කැපවීම විශාල කාර්යභාරයක් ඉටු කළා. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නායකත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශ සහ ඊට සම්බන්ධ අනෙකුත් විෂයයන් එකට ගෙන ජාතික කාර්ය සාධක බලකාය පිහිටුවීමට කටයුතු කළා. ඔවුන්ගේ මූලික කාර්යය වූයේ වසංගතය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව රජයට උපදෙස් ලබා දීමයි. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා අනෙකුත් අංශවල ප්‍රධාන නිලධාරීන්ගෙන් සමන්විත ජාතික ක්‍රියාකාරී කමිටුවක් ද පත් කළා. ශ්‍රී ලංකාවේ COVID-19 සඳහා වූ උපාය මාර්ගික සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම මත පදනම්ව, USAIDS ඇතුළු විවිධ සංවර්ධන හවුල්කරුවන්ගෙන් ලැබුණු සහයෝගය අගය කළ යුතුයි. COVID-19 ආසාදනයේ ප්‍රකට සංකූලතාවක් වන නියුමෝනියාවෙන් පෙළෙන රෝගීන්ට සිදු කරනු ලබන ප්‍රතිකාර සේවාවන් වල දී Portable ventilators (අතේ ගෙන යා හැකි, වාතාශ්‍රය ලබාදිය හැකි උපකරණ) අත්‍යවශ්‍ය වන අතර, ඒ අනුව Portable ventilators උපකරණ 200 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරමින් මෙම අවස්ථාවේ දී සහයෝගය ලබාදීම පිළිබඳව එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඒජන්සියට (USAIDS) සහ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මියට මෙරට රජය වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් මාගේ අවංක කෘතඥතාව ප්‍රකාශ කරන්න කැමැතියි. කොවිඩ් ආසාදිතයින්ගේ ජිවිත බේරා ගැනීමට මහෝපකාරී වන මෙම Portable ventilators යන්ත්‍ර දිවයිනේ ද්විතීයික හා තෘතීයික මට්ටමේ රෝහල් අතර බෙදා හැරීමට කටයුතු කරනවා. මෙම පරිත්‍යාගය මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කිරීම සඳහා අප දරන උත්සාහයට සහයෝගය දීමක් වන අතර, එමගින් සෞඛ්‍ය සේවාවන් තවත් ඉහළ නැංවීමට හැකි වනු ඇති බව ද ප්‍රකාශ කරන්න කැමැතියි.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොලොම්බගේ මහතා, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය එස්.එච් සංජීව මුණසිංහ මහතා, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්.ශ්‍රීධරන් මහතා, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

තිරිවානා ගල් නිධිය පරිසරයට හානියක් නොවන පරිදි ආර්ථිකය ශක්තිමත් කිරීමට යොදා ගන්නවා – ඇමැති අමරවීර

Next Post

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කරනවා – අධිකරණ ඇමැති අලි සබ්රි කියයි

editor

editor

Next Post

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කරනවා - අධිකරණ ඇමැති අලි සබ්රි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025

Recent News

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

බස් ගාස්තුව ගැන තීරණය දවස් 2 කින්

1 July 2025
ලාෆ්ස් ගෑස්  ගැන පණිවිඩයක්

ලාෆ්ස් ගෑස් ගැන පණිවිඩයක්

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

සීට් බෙල්ට් නීතිය අද ඉදන්

1 July 2025
ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයෙන් 60කට වැඩි පිරිසක් මරුට

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved