• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කරනවා – අධිකරණ ඇමැති අලි සබ්රි කියයි

2 September 2020
in දේශීය

රජයක් විදිහට මේ රටින් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර මත්ද්‍රව්‍ය සම්බන්ධව අග මුල ගිය තැන් සියල්ල සොයා රටේ සියලුම මිනිස්සු ආරක්ෂා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කලුතර වියන්ගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

අමාත්‍යවරයා කියා සිටියේ සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී සිටින බවයි.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා ” 2015 වර්ෂයේ අපේ රජය යන විට ලංකාවේ කුඩු සම්බන්ධ නඩු තිබුණේ 6600යි.මම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක පසුගියද සාකච්ඡා කළා.2016 නඩු 8000 ක් වුණා.2017 වන විට ඒ තත්වය 11000 ක් වෙලා.2018 වන විට 12000 ක් බවට පත් වෙලා. පසුගිය අවුරුද්දේ නඩු 16 දාහක් බවට පත් වෙලා තිබෙනවා.මේ අවුරුද්දේ මේ මාස කිහිපයට මේ දක්වා කුඩු සම්බන්ධ නඩු 13 දාහක් වාර්තා වෙලා තිබෙනවා.මේ තත්වයෙන් මේ රට බේරගන්න ඕන.වත්මන් රජය ජනතාවගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කරනවා වගේම දීර්ඝ කාලීනව මේ රට ඉදිරියට ගන්න කටයුතු කරනවා.දැන් බලන්න මැද කොළඹ උතුරු කොළඹ ගත්තහම ලංකාවේ දුප්පත්ම මිනිස්සු ටික ඉන්නේ එතනයි.ඒ අය දුප්පත්ව ඉන්න තුරු තමයි ඡන්දය දෙන්නේ.ඒ නිසා ඔබට අති ගෞරවයෙන් කියන්නේ බොරුවට අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ බියෙන් සැකෙන් තොරව ආරක්ෂිතව පරිසරයක් ඇතිව මේ රට හදන්නයි.ඒ නිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා ඒ සදහා එක් වෙන්න කියලා.මේ රටේ මිනිස්සු අතර සාමය ගොඩනැගිම සියල්ලටම වඩා වැදගත් වෙනවා.මම දේශපාලනයට ආවේ ඒක කරන්නයි.මුස්ලිම් දේශපාලඥයා කියන්නේ එහෙන් මෙහෙට පනින මෙහෙන් එහෙට පනින තමන්ගේ ජාතිය ගැන විතරක් කථා කරන කෙනාට නොවෙයි.අපි මුස්ලිම් දේශපාලඥයාගේ ප්‍රතිරූපය වෙනස් කරන්න ඕන යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

Post Views: 9
Previous Post

කොවිඩ් ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරන්න Portable ventilators යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්

Next Post

අවතැන් වුවන් සඳහා මෙම වසරේදී ස්ථීර නිවාස ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

editor

editor

Next Post

අවතැන් වුවන් සඳහා මෙම වසරේදී ස්ථීර නිවාස ලබා දෙනවා - රාජ්‍ය අමාත්‍ය ඉන්දික කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved