හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත T-56 ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (02) කොළඹ මහාධිකරණයේදී කැඳවා තිබේ.
එහිදී නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එය නොවැම්බර් 4 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු උදේෂ් රණතුංග මහතා නියෝග කර ඇත. විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නඩුව කල් තැබීමට අධිකරණය තීරණය කර තිබේ.
දුමින්ද දිසානායක මහතා සහ කසකස්ථාන ජාතික කාන්තාවකට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇති අතර, ඔවුන්ට එරෙහි නඩු කටයුතු මේ වනවිට කොළඹ මහාධිකරණය හමුවේ පවතී. චෝදනා තවමත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින කරුණු වන අතර වරදකරු බවට තීන්දුවක් ලබාදී නොමැත.
















