• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි

29 April 2024
in දේශීය, පුවත්
ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ඓතිහාසික ඇහැලේපොඵ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරයක් වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කල ඇහැලේපොල වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිද්‍යාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්ෂා කර ගනිමින් මෙම ඉටි රූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි.

ඇහැලේපොල වලව්ව අයත් මහනුවර යුගයේ ගෘහනිර්මාණ ශිල්ප, චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය, ආහාර රටාව, කර්මාන්ත හා කලා ශිල්ප ද එම වලව්ව තුල ඉටි රූප ආශ්‍රිතව ප්‍රතිනිර්මාණය කෙරේ.

එමෙන්ම ජාතික වීරවරයන් වන මොණරවිල කැප්පෙටිපොළදිසාව, ඇහැලේපොල මහාධිකාරම්තුමා, දේවේන්ද්‍ර මූලාචාරීතුමා මෙන්ම ඇහැලේපොල පවුලේ සාමාජිකයන්ගේද ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය දුන් නායකයන්ගේ ජීවමාන ඉටිරූප මෙහි නිර්මාණය කිරීමට සැලසුම් කර තිබේ. මෙරට පෞඩෟත්වය හා අභිමානය විදහා දැක්වෙන මෙම ඉටි කෞතුකාගාරය දෙස් විදෙස් ආකර්ශනය දිනා ගනු ඇතැයි විශ්වාස කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පවසයි.

මහනුවර යුගයට අයත් ඇහැලේපොල වලව්ව ක්‍රි.ව. 1800ත් 1810ත් අතර කාලයේ දී ඉදි වු බව සැලකේ. එය ඇහැලේපොල නිලමේතුමාට අයත්ව තිබුනකි. මෙරට ඉතිහාසයේ අනුවේදනීයම චරිත ලෙස සැලකෙන ඇහැලේපොල කුමාරිහාමි මෙන්ම වීරමද්දුම බණ්ඩාර කුමරුද වාසය කළේ මෙම වලව්වේයි. ඉංග්‍රීසින් විසින් වර්ෂ 1818 දී කන්ද උඩරට අත්පත් කර ගැනීමෙන් අනතුරුව ඇහැලේපොල වලව්ව සිරගෙදරක් ලෙස භාවිතා කර තිබේ. එහි දී ඔවුන් වලව්වේ මුල් ස්වරූපයට හානි කරමින් නව සිරි මැදිරි පරිශ්‍රයක්ද ඉදිකර ඇති බව සදහන්ය. උඩරට එක්සත් කර ගැනීම සදහා විමුක්ති අරගලය මෙහෙයවන ලද මොණරවිල කැප්පෙටිපොල, ඇහැලේපොල නිලමේතුමා ඇතුලු ජාතික වීරවරයන් 50කට ආසන්න පිරිසක් ඉංග්‍රීසින් මෙහි සිරගත කර තිබේ.

වසර දෙදහකට වඩා පැරණි පර්චස් 141ක භුමි ප්‍රමාණයක පිහිටා ඇති ඇහැලේපොල වලව්ව වර්ෂ 2013දී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් නිදහස් කර නාගරික සංවර්ධන අධිකාරියට පැවැරූ අතර අධිකාරිය එය නැවත ප්‍රතිසංවර්ධනය කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය මෙකී ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අදහස් පල කළ නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සදහන් කළේ රුපියල් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරුණ බවයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාර්ගෝපදේශයන්ට ද යටත්ව මෙම ප්‍රතිසංවර්ධන කටයුතු සිදු කෙරිණ. ඒ සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවිත හමුදාවේ ශ්‍රම දායකත්වය ලබා දුන් බව ඒකනායක මහතා පවසයි.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ ඇහැලේපොල වලව්ව ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ සන්නස් පත්‍රය සකස් කරමින් තිබෙන බවයි. එය කඩිනමින් සකස් කරන ලෙස අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් දී තිබේ. මෙම වලව්ව දළදා මාලිගාවට පවරා දීමට කැබිනට් අනුමැතිය ද ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ ඇමති ප්‍රසන්න රණතුංග මහතායි.

 

 

අනුර ප්‍රදිප්

Post Views: 9,595
Previous Post

‘සමගි රටක් අනගි හෙටක්‘ තේමාවෙන් සජබ මැයි දින රැළියට සියලු කටයුතු සූදානම් – මුජිබර් රහුමාන් 

Next Post

වතු සේවකයින්ට රුපියල් බිලියන 05 ක හිඟ ETF , EPF ගෙවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

editor ttvnews

editor ttvnews

Next Post

වතු සේවකයින්ට රුපියල් බිලියන 05 ක හිඟ ETF , EPF ගෙවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved