27 April 2024
#දේශීය

මැතිවරණ කටයුතු සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදනය අනුවයි – මැ.කො.ජනරාල් කියයි

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශිත සියළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පස්වරුවේ කොවිඩ් 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැති විශේෂ රැස්වීමේදීය.

එහිදී සමන් රත්නායක මහතා කියා සිටියේ නිරෝධායනයට ලක්වන පිරිස් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට වෙනත් දිනයක් ලබා දීම සිදු නොවන අතර, එදිනම එනම් අගොස්තු 05 වන දින පස්වරු 5 න් පසුව එම තැනැත්තන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දීමට යෝජනා වී ඇති බවයි.

එසේම ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට කටයුතු කරන බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේය.

මෙම විශේෂ රැස්වීම සඳහා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුධ හමුදාපති, කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් සහ කොවිඩ් 19 වෛරසය මැඩලීමේ ජනාධීපති කාර්ය සාධක බලකායේ සෙසු සාමාජිකයින් ද සහභාගි වී තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *