27 April 2024
#දේශීය

රාජ්‍ය සේවයේ දූෂණයට සහ අක්‍රමිකතාවන්ට තිත – ජනපති කියයි

දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලක්ෂ 15කට අධික පිරිසක් රාජ්‍ය සේවයේ සිටින නමුත් සේවා ඉටුකර ගැනීමේදී ජනතාවට මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා පිළිබදව දෛනිකව තොරතුරු වාර්තා වන බව ජනාධිපතිවරයා පැවසිය. ඒ අනුව අල්ලස, දුෂණය සහ අක්‍රමිකතා නවතා ජනතාව වෙනුවෙන් කැපවූ රාජ්‍ය සේවයක් ඇති කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (29) කළුතර දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරතවෙමිනි.

ආනයනික වෙළෙඳ ක්‍රමය වෙනුවට මෙරට නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දුන් ආර්ථික ක්‍රියාවලියකට රජය මුල පුරා ඇත. කෘෂිකාර්මික සහ නිෂ්පාදන ක්ෂේත්‍රයට අවතීර්ණව ඉන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස රැස්ව සිටී ජනතාව සමග ජනාධිපතිවරයා පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *