27 April 2024
#දේශීය

අවුරුදු 60 අයෙකු ළග ගංජා හා අයිස් තිබි අත්අඩංගුවට

පෑලියගොඩ, දිප්පිටිගොඩ, කැළණිය ප්‍ර දේශයේ නිවසකදී වයස අවුරුදු 60 අයෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය කියා සිටියේ කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්ධන අංශයට ලැබුනු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එම පුද්ගලයා සතුව ගංජා කිලෝ 06 යි ග්‍රෑම් 360 ක් හා අයිස් ග්‍රෑම් 30 ක් තිබි ඇති අතර ඔහු දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (29) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *