‘අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ ප්‍රථම රැලි ද්විත්වය හෙට (06) බේරුවලදී සහ බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. දිස්ත්‍රික්කයකට ප්‍රධාන රැලි දෙකක් බැගින් සෑම රැලියක්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඒ අනුව ලබන 12 වැනි දින පොළොන්නරුවේදීද, 13 වැනි දින අනුරාධපුරයේදීද, 20 වැනි දින මාතරදීද සහ 27 වැනි දින ගම්පහදීද මෙම ජන රැලි සංවිධානය කර තිබේ.














