• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බැසිල්වත්, පොදුජන පෙරමුණත් කාලෙන් කාලයට පාට වෙනස් කරන්නේ නෑ – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

13 March 2024
in දේශීය, පුවත්

පක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති, පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් එක් කාලයන්ට පාට වෙනස් නොකරන බවත් අප පක්ෂය සහ නායකයින් එකම ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා, “මේ මාස්කන්න වෙනකොට වී අස්වැන්න විශාල වශයෙන් වෙළඳපොලට එන වෙලාවක්. නමුත් වී අලෙවි මණ්ඩලයට මුදල් මිලදී ගන්න මුදල් නැහැ කියන එක මම දැක්කා මාධ්‍යවල පලවෙලා තිබෙනවා. එය කණගාටුදායකයි. වීඅලෙවි මණ්ඩලය පිහිටවුයේ මේ රටේ ගොවිජනතාවගේ ඒ ධාන්‍ය වර්ග, වී මිලදී ගැනීමේ අරමුණින්. අද වෙනකොට වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගන්න මුදල් නැතිනම් එය ගොවිජනතාවට කරන ලොකුම අසාධාරණයක්. ඒ වගේම දැනට මොල් හිමියෝ විශාල වශයෙන් ඒකාධිකාරයක් ගොඩනගාගෙන ඉන්නවා, ඒකාධිකාරියට මඟ කැපීමක් තමයි වෙන්නේ. මේ රට කෘෂිකාර්මික රටක්. පහුගිය කාලයේ නියඟය නිසා සහ ආර්ථික ප්‍රශ්න නිසා ගොවිතැන අඩාලවෙලා තිබුණා. ගොවිජනතාව මේ මාස්කන්නයේ නොයෙකුත් දුක්ගැහැට විදලා , නොයෙකුත් අපහසුකම් මැද තමයි ගොවිතැන් කරලා තිබෙන්නේ. ඒ නිසා අපි රජයෙන්, භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටිනවා අනෙක් කරුණු පැත්තකින් දාලා ගොවියා ශක්තිමත් කරන්න නම් වී අලෙවී මණ්ඩලයට මුදල් ලබාදිලා වී මිලදී ගැනීමේ තරඟකාරි තත්වයක් වෙළඳපොලෙහි ඇති කරන්න කියලා. අද වන විට ලොකු ලූණු පිටරටින් ගේන්න වෙනවා. නමුත් අපේ රටේ විශාල වශයෙන් ලොකු ලූණු වගා කළා අපේ රටට ඇතිවෙන්න. අද වන විට ලොකු ලූණු වගාවෙන් සම්පූර්ණයෙන්ම ගොවි ජනතාව ඈත්වෙලා ඉන්නවා. එයට හේතුව තමයි නියම ප්‍රතිපත්තියක් නොමැතිකම. ඉදිරියේදී ඒ තත්වයම ඇතිවෙනවා වී මිලදී ගැනීමත් මඟ හැරියොත්. සහල්වලටත් ලොකු ලූණුවලට වෙච්ච දේම තමයි වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මොන ප්‍රශ්න තිබුණත් මේ රට කෘෂිකර්මාන්තය ආරක්ෂා කළොත් තමයි රටේ පැවැත්ම තිබෙන්නේ, ඒ වගේම ගොවිජනතාවට ජිවත්වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ වී මිලදී ගැනීමට වහාම කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා වී අලෙවි මණ්ඩලයට. වී මිලදී ගැනීමට ඇති හැකියාව ශක්තිමත් කරන්න කියලා , ඒ සඳහා කටයුතු කරන්න කියලා අපි රජයෙන් විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ථලංකා ගොවි සංවිධානයේ සභාපතිවරයා හැටියට මේ ඉල්ලීම රජයෙන් කරන්න කැමති. දැනට මැතිවරණ උණුසුම තිබෙන වෙලාවක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි හැමදාම මැතිවරණයකට ලෑස්තිවෙලා ඉන්නේ. සමහර පක්ෂ බස්වලින් සෙනඟ අරගෙන ගිහිල්ලා හැමතැනම ඉන්න පිරිස් එක තැනකට අරගෙන යනවා. නැවතත් ඒ පිරිසම තව තැනකට අරගෙන ගිහින් සෙනඟ පෙන්වලා ඒ වගේ විශාල මාධ්‍ය සංදර්ශන පෙන්වමින් මේ වන කොට මැතිවරණයට එක එක පක්ෂ ලෑස්ති වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි මාධ්‍ය සංදර්ශන පවත්වන්න යන්නේ නැහැ. අපි බිමේ ඉන්න අපේ පාක්ෂිකයෝ ටික එලෙසම ඉන්නවා. ඒ පිරිස එක්ක අපි අපේ සම්බන්ධතාවය තියාගෙන අපි ගම් මට්ටමේ ඒ සියලූම සංවිධාන කටයුතු හරියාකාරව කරගෙන යනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනිත් පිරිස් වගේ කලබල වෙන්නේ නැහැ. මොකද අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා. මේ අසියාවේ ඉන්න පරිනතම දේශපාලඥයා කියලා කියන්න පුළුවන්. ලෝකයම පිළිගත් නායකයෙක්. අවුරුදු 30ක් තිබුණු ත්‍රස්තවාදය අවසන් කරන්න මේ ලෝකයම බෑ කිව්ව අවස්ථාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි එය කළේ. එය අද සමහර පිරිස්වලට අමතකවෙලා තිබෙනවා. ජිවිතය පරදුවට තබලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බේරා දුන්න නායකයා. ඒක නැත්නම් අද ගසාතීරය සහ ඊශ්‍රාලයේ ඇතිවූ තත්වය තමයි මේ රටෙත් වෙන්නේ. ඒ වගේම අද මොරගහගන්නද , අනෙකුත් සියලූම ගංගාවල් , විශාල වැව් අමුණු හදලා රජ කාලයෙන් පසු විශාල කෘෂිකර්මයට විශාල ශක්තියක් ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ වගේම කාපට් පාරවල් ගම්වලට ලබාදුන්නේ , ප්‍රජාශාලාවන් , ගමේ වැව් අමුණු හදලා දුන්නේ ගම ශක්තිමත් කරන්න විශාල කටයුත්තක් කළේ එදා ආර්ථික සංවර්ධන කටයුතු ඇමතිවරයා ලෙස හිටිය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඒ වගේම යුද්ධය විනාශ වෙලා තිබුණු දේවල් නැවත සංවර්ධනය කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවෙන්. එක එක්කෙනා එක එක විදිහට වෙස් මාරු කළාට, එක එක ප්‍රතිපත්ති වෙනස් කළාට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවත්, මේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණවත් කාලෙන් කාලයට පාට වෙනස් කරන්නේ නැහැ. අපි එක ප්‍රතිපත්තියක ඉඳගෙන ඉස්සරහට යනවා. ඉදිරි මැතිවරණයේදී බලාගන්න පුළුවන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි ඊලඟ ආණ්ඩුව හදන ප්‍රධානියා බවට පත්වෙන්නේ. එය කාටවත් නවත්වන්න හම්බවෙන්නේ නැහැ. අපි තාම අපේක්ෂකයෝ තොරලා නැහැ. අපිට අපේක්ෂකයෝ තෝරන්න වෙලාව තිබෙනවා. අපේක්ෂකයෙක් කලින් තොරනවට වඩා හොඳයි මැතිවරණයක් ආසන්නයේ තේරුවාම. එහි උනන්දුව සහ වටිනාකම වැඩි. ඒවා අපි ඉතිහාසයේ පුරා බැලුවාමත් එහෙමවෙලා තිබෙනවා.”යනුවෙන් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා මෙහිදි සඳහන් කළේ ය.

 

Post Views: 6,560
Previous Post

උතුරු සහ වයඹ පළාත් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

Next Post

කැනඩා මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
කැනඩා මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

කැනඩා මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved