• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජාතික සම්මානයට පාත්‍ර වෙමින් සදාහරිත සමාගම SLIM NASCO සම්මාන රාත්‍රිය වර්ණවත් කරයි

3 January 2024
in ව්‍යාපාර
ජාතික සම්මානයට පාත්‍ර වෙමින් සදාහරිත සමාගම SLIM NASCO සම්මාන රාත්‍රිය වර්ණවත් කරයි

අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්මාන වැඩසටහන වන NSCO (National Sales Congress) සම්මාන ප්‍රධානෝත්සවයේදී මෙරට ප්‍රමුඛතම අගාවුඩ් සන්නාමය වන “සදාහරිත” සමාගමේ අලෙවි වෘත්තිකයින් විසින් ජාතික තලයේ සම්මාන 02ක් මුල්‍ය සේවා කාණ්ඩයේ සම්මාන 06ක් සමඟ සමස්ථ සම්මාන 08ක් දිනා ගනිමින් සම්මාන ප්‍රධානොත්සවය සදාහරිත හරිත පැහයෙන් වර්ණවත් කිරීමට සමත් විය.

මෙහිදී ශ්‍රී ලාංකීය හරිත වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛය ලෙස සදාහරිත වැවිලි සමාගම සමාන්යධිකාරි දිනේෂ් නිරෝෂන් මානවඩු මහතා General Manager කාණ්ඩය යටතේ ජාතික තලයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම විධායක නොවන (Non Executive)කාණ්ඩයේ සහය කාර්ය මණ්ඩලය සඳහා වන ජාතික තලයේ රිදී සන්නාමය සදාහරිත සමාගමේ ඉෂාන්තිකා ප්‍රසංගනී මහත්මිය විසින් දින ගත්තාය.

සදාහරිත සමාගමේ දශක දෙකකට අධික අභිමානය වඩාත් ගෞරවණිය තලයකට තව දුරටත් ඔසවා තබමින් සම්මාන රාත්‍රිය තුළ බැංකු නොවන මුල්‍ය සේවා කාණ්ඩය යටතේ Front Liner කාණ්ඩයේ රිදී සම්මානය නදීරා නියරිපොල මහත්මියත්, Sales Supervisor කාණ්ඩයේ රිදී සම්මානය නිලුෂිකා රොද්‍රිගෝ මහත්මියත් එම කාණ්ඩයේම ලෝකඩ සන්නාමය තරංග ලාල් කුමාර මහතාත් දිනාගත්තේය. සිතුම් වනිගසේකර මහතා Sales Executive කාණ්ඩයේ කුසලතා සම්මානය (Merit award) දිනා ගැනීමට සමත් විය. මෙහිදී Territory Manager කාණ්ඩය යටතේ රන් සන්නාමය මලින්ද සේනාධීර මහතා විසින් දිනා ගත අතර එම කාණ්ඩයේම රිදී සන්නාමය රසික මනතුංග මහතා විසින් දිනා ගත්තේය.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය NASCO Award Ceremony 2023 සම්මාන උළෙල පවත්වන ලද්දේ 22 වන වරට වන අතර සදාහරිත සමාගම මේ සඳහා සහභාගී වූ 06වන වර්ෂය මෙය වේ. 2017 වසරේ සිට සදාහරිත සමාගම අඛණ්ඩව මෙම 06 වසර පුරාම NASCO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වී ඇති අතර සමාගම විශිෂ්ටතම ජයග්‍රහණ හිමිකරගත් වසර ලෙසද මෙවර සම්මාන උළෙල සනිටුහන් වේ.

මෙවර සම්මාන උළෙලේදී හිමිකරගත් ජයග්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් සදාහරිත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි/ අධ්‍යක්ෂ හර්ෂ අබේවික්‍රම මහතා මෙසේ ප්‍රකාශ කළේය. “සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන ක්ෂේත්‍රයේ පාරිභෝගික විශ්වාසය ඉහළින්ම සුරක්ෂිත කරන ලද සමාගම ලෙස සඳහන් කිරීමට ලැබීම ගැන බෙහෙවින්ම සතුටු වනවා. ඊට හේතුව වනනේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා විශ්වාසයේ ප්‍රතිලාභ හිමිකර දෙමින් අගාවුඩ් අස්වැන්න මිලදී ගෙන ආයෝජන සඳහා මුල්‍ය වටිනාකම් පිරිනැමිම පසුගිය වසරේදී සිදු කරනු ලැබීමයි. අපගේ වටිනා පාරිභෝගික ප්‍රජාව අප කෙරෙහි තබන විශ්වාසයට අප මෙතෙක් පැමිණි කීර්තිමත් ගමන් මග, සමාගමේ මුල්‍ය ස්ථාවරත්වය, ඉහළ ප්‍රතිලාභ මෙන්ම අපගේ සියලුම වෘතිකයන්ගේ වෘත්තිමයභාවය හේතු වී තිබෙනවා.’’

ශ්‍රී ලංකාවට අගාවුඩ් හඳුන්වා දීමේ පුරෝගාමියා වන සදාහරිත සමාගම ශ්‍රී ලංකාවේ හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛයා වශයෙන් දශක දෙකක් පුරා ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය ඉහළින්ම දිනාගෙන ඇත. හරිත ආයෝජන හරහා ජනතාවට ආයෝජන සැලසුම් පිරිනමමින් සමාගම මෙතක් පැමිණි ගමන් මග තුල 48,000කට අධික පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් 30කට අධික ශාඛා ජාලයක් හරහා උසස් හා ගුණාත්මක සේවාවක් ක්‍රියාත්මක කරමින් සිටි.

සදාහරිත සමාගමේ ජාත්‍යන්තර, අලෙවි හා විකිණුම් අධ්‍යක්ෂ ජයම්පති මිරැන්ඩෝ මහතා මෙම උත්කර්ෂවත් අවස්ථාව පිළිබඳව මෙසේ පැවසීය. ”සමාගමක් වශයෙන් අපි අපගේ අලෙවිකරණ කණ්ඩායම ඇතුළු සියලු සේවක මඩුල්ලටම සිය වෘත්තීය ජිවිතයේ ඉහළට ගමන් කිරීමට අවශ්‍ය ත්වැල සැපයීමට නිරතුරුව කැපවී සිටිනවා. අපගේ සභාපති සතිස් නවරත්න මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය හා අප සමාගම අතර පවතින අවබෝධතාවය අනුව මේ වන විට අලෙවිකරණ ජාතික ඩිප්ලෝමාධාරින් 40කට ආසන්න ප්‍රමාණයක් සහ අලෙවිකරණය වෘත්තීය පාඨමාලාව (PCM) හදාරා වෘත්තිමය අලෙවිකරණයේ යෙදෙන වෘත්තිකයන් 150කට අධික පිරිසකගෙන් සදාහරිත සමාගම සවිබල ගැන්වී තිබෙනවා.”

සදාහරිත සමාගමේ සාමාන්‍යධිකාරී (පුහුණු හා ජාල සංවර්ධන) නිරෝෂන් මානවඩු මහතා සිය සමාගමේ අලෙවිකරණ කණ්ඩායම පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “මෙවර සම්මාන උළෙල පෞද්ගලිකව මා හට සුවිශේෂී දිනයක්. මෙම ජාතික සම්මානය සඳහා පාත්‍ර වීමට මා හට සහය දුන් මාගේ සමාගමේ සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ මගේ සියළුම කාර්යමණ්ඩලයට ස්තුතිවන්ත වනවා. ඒ වගේම මෙවර සම්මාන දිනාගත්මගේ අනෙකුත් සගයන් සියලු දෙනාටම සුබ පතන්නට මෙය අවස්තාවක් කර ගැනීමට කැමතියි.”

PR

Post Views: 72
Previous Post

JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව පසුවිපරමින් සිටිනවා – ඇමැති වෛද්‍ය රමේෂ්

Next Post

සංවර්ධන සැලසුම් යාවත්කාලීන කරන්නැයි ඇමැති ප්‍රසන්නගෙන් බලධාරීන්ට උපදෙස්

editor ttvnews

editor ttvnews

Next Post
ඊළඟ ජනාධිපතිවරයා සියළු දෙනාගේම සහයෝගය ගත හැකි අයෙක් – ඇමැති ප්‍රසන්නගෙන් අනාවරණයක්

සංවර්ධන සැලසුම් යාවත්කාලීන කරන්නැයි ඇමැති ප්‍රසන්නගෙන් බලධාරීන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved