• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආර්ථික තත්ත්වය ජනතාවට හෙලි කරන්නැයි හිටපු අගමැති රනිල් කියයි

26 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටේ වර්තමාන මූල්‍ය සහ මුදල් තත්ත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් වන අතර රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා සමාජ මාධ්‍යජාල හමුවේ කළ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පවතින තත්ත්වය තුළ නිශ්ශබ්දව සිටීමෙන් මේ කිසිදු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ මාර්ගයක් සෑදෙන්නේ නැති බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍යජාල හමුවේ කළ විශේෂ ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

මාළිඟාවත්තේ ජීවිත තුනක් අහිමි වීමේ සිද්ධියෙන් අද ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව සිටින ආර්ථික අහේනියේ තත්ත්වය පෙන්නුම් කරනවා. හැම අවුරුද්දකම ඔය ආකාරයට සල්ලි බෙදුවා. ඒත් පාලනය කරගන්න බැරි තරම් සෙනගක් ආවේ නෑ. රුපියල් එක්දාස් පන්සීයකට ජීවිතේ පරදුවට තියන්න තරම් ජනතාව අසරණ වුනේ නෑ.

අද ජනතාවට ජීවත් වෙන්න අමාරුයි. සල්ලි නෑ. රැකියා නෑ. ආදායම් මාර්ග නෑ. දවසින් දවස බඩු ගනන් යනවා. රුපියල් 5,000 දීමනාවවත් ගෙවා ගන්න බැරි තත්ත්වයට ආණ්ඩුව පත් වෙලා. රජයේ සේවකයන්ට උත්සව අත්තිකාරම් ගෙවීමටත් නොහැකි වුණා. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ අද අපේ රටේ ආර්ථිකය පත්වී ඇති බැරෑරුම් තත්ත්වයයි.

මේ අවුරුද්දේ ණය ගෙවාගන්න බැරි රටවල් කීපයක් පසුගියදා සී. එන්. එන්. රූපවාහිනී සේවාව නම් කළා. ආර්ජන්ටීනාව, ඉක්වදෝරය සහ ලෙබනනය ඒ රටවල්. ඒ රටවල් ඉතාම අනතුරුදායක තත්තවයකට ඇද වැටිලා

ණය ගෙවීමට බැරිවී බංකොලොත් වෙන ඊළඟ රටවල් පහ අතරට ශ්‍රී ලංකාවත් අයත් විය හැකි බවට ලෝක මූල්‍ය දර්ශක පුරෝකථනය කරනවා.

මේ අනුව අපේ රට පවතින්නේ ඉතාම අනතුරුදායක තත්ත්වයක. ෆිච් දර්ශකය ගිය මාසයේ දී ශ්‍රී ලංකාව සෘණ තත්ත්වයට පහත දමා තිබෙනවා. මූඩීස් සහ මොර්ගන් ස්ටැන්ලි දර්ශක ශ්‍රී ලංකාව පහත දැමීම ගැන සලකා බලමින් යනවා. 2018 වසරේ මේ දර්ශක තුනේම ස්ථාවර තත්ත්වයක් ලබා ගෙන සිටි අප අද අස්ථාවර තත්ත්වයකට ඇද වැටී තියෙනවා.

2019 වසරේ අප ගෙවිය යුතු ණය දළ දේශීත නිෂ්පාදනයෙන් සියයට 87 ක් වේ. මේ වසර අගදී එය සියයට 93 ක් පමණ වෙතැයි බලාපොරොත්තු වෙනවා. 2021 වෙද්දී සියයට සියයක් වෙනවා.

2023 වෙද්දී අප ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක්. මේ වසරේ පමණක් ඩොලර් බිලියන 03 ක් ගෙවන්නට තියෙනවා. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ එක් දිනයක් තුළ දී පමණක් ඩොලර් බිලියනයක් ගෙවිය යුතු වෙනවා.

ලෝක ආර්ථික තත්ත්වයන් අනුව ඇඟලුම් හා සංචාරක කර්මාන්තයන්ගෙන් ආදායම් ලැබීමට තව බොහෝ කල් ගත වෙනවා. කෙටි කාලීනව විදේශ ආදායම් ලබා ගත හැකි මාර්ග අප සොයා ගත යුතුව තියෙනවා. රටේ ජනතාවට, ව්‍යාපාරික හා නිෂ්පාදන ආයතනයන්ට සහන ලබා දී ආරක්ෂා කර ගත යුතුව තියෙනවා. බංකොලොත් නොවී රට ඉදිරියට ගෙන යා යුතුව තියෙනවා.

මූල්‍ය කළමණාකරණ වගකීම් පණත අනුව රටේ ආර්ථික සැලසුම් හා මූල්‍ය කටයුතු පිළිබඳ වාර්තා ආණ්ඩුව විසින් කාලානුරූපව ඉදිරිපත් කළ යුතුයි. නමුත් එය සිදුවී නෑ. අවසන් වරට ආණ්ඩුව වාර්තාවක් ඉදිරිපත් කළේ මාර්තු 23 වෙනිදා. ඒ පූර්ණ මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවයි. නමුත් මේ වන විට මාර්තු මාසයේ තිබුණු ආර්ථික සාධක හා මූල්‍ය තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ නිසා මේ වාර්තාව දැන් යල් පැන ගිය එකක් බවට පත්වී තියෙනවා.

මාලදිවයිනේ පාර්ලිමේන්තුව මෙහිදී අපට උදාහරණයට ගන්න පුළුවන්. ඔවුන් පසුගිය අප්‍රේල් මාසයේ නව යෝජනා සම්මත කර ගත්තා. අප තවමත් ඊට අසමත් වී තියෙනවා.

මේ පසුබිම මත රටේ වර්තමාන මූල්‍ය සහ මුදල් තත්ත්වය පිළිබඳව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීම රජයේ වගකීමක් වෙනවා. ඒ වාර්තාව පදනම් කරගෙන නව ආර්ථික රාමුවක් සකස් කර ගත යුතුයි.

මෙය ගණන් ඉලක්කම් පිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි. රටේත් ජනතාවගේත් අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. ජීවත්වීම සහ ජීවිතය පිළිබඳ ප්‍රශ්ණයක්. ඒ නිසා අප ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙසයි.

එසේ නොකර නිශ්ශබ්දව සිටීමෙන් මේ කිසිදු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ මාර්ගයක් සෑදෙන්නේ නෑ.

Post Views: 3
Previous Post

අන්තර් පළාත් ප්‍රවාහන පහසුකම් සඳහා බස් 3200ක් සූදානම්

Next Post

ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා – ඇමැති මහින්ද

editor

editor

Next Post

ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා - ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

2 July 2025
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved