27 April 2024
#දේශීය

ඉදිරීයේදී බස්වලආසන ගණනට පමණක් මගීන් ගෙන යෑමේ නීතියක් කරනවා – ඇමැති මහින්ද

සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම ඉදිරියේ දී නීතියක් බවට පත් කර ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ ඊයේ (25) පස්වරුවේ රත්මලාන ධර්මපාලාරාමයේ දී ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහානායක ධූරයෙන් පිදුම් ලැබූ අග්ගමහා පණ්ඩිත අතිපුඡ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින්වහන්සේ බැහැ දැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගැනීම සඳහා සහ උන්වහන්සේගේ සුවදුක් බැලීම පිණිස ගිය අවස්ථාවේය.
එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” අප රටේ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල මෙන්ම දුම්රියේ ද ගමන් ගන්නා මගීන් ප්‍රවාහණයේ දී මගීන් ප්‍රමුඛ වැඩ පිලිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වෙලා නැහැ. මුදල් ගෙවා බස් රථවල හා දුම්රියේ ගමන් කරන මගීන් තමන්ට මගියෙක් ලෙස හිමිවිය යුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ගැන අවබෝධයක් නැහැ. එම නිසා සෑම විටම බස් රථ තුළ මගීන් අසරණභාවයට පත්වීම හැර ඔවුන්ට ලැබුනු පහසුකමක් නෑ. කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා අපි රජය වශයෙන් ගත් තීරණය තමයි ආසන ගණනට පමණක් මගීන් ගෙනයාමට ඉඩ සැලසීම. එහෙම කළේ සමාජ දුරස්ථතාවය ඇති කිරීමට. නමුත් මම ප්‍රවාහණසේවා කළමනාකරණ අමාත්‍යවරයා විදියට තීරණය කර තිබෙනවා ඉදිරි කාලය තුළ සියලුම ලංගම හා පුද්ගලික බස් රථවල හා දුම්රියේ මගීන් ප්‍රවාහනයේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහණය කිරීම නීතියක් වශයෙන් සම්මත කර අනිවාර්යය කිරීමට යැයි ” අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *