අද(26) සිට ආරම්භ කෙරෙන අන්තර් පළාත් බස් රථ ධාවනය සඳහා පෞද්ගලික බස් රථ 3200 ක් සූදානම් කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
ඒ අනූව ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පෞද්ගලික බස් රථ 3200 ක් ලියාපදිංචි වී තිබෙන බවත් මගීන්ගේ අවශ්‍යතාවය අනූව එම බස් රථ ධාවනයේ යොදවන බවත් දැනගන්නට ඇත.
ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අන්තර් පළාත් බස් රථ ධාවනය සිදුකෙරෙන අතර එම බස් රථ අවිස්සාවේල්ල, පානදුර, නිට්ටඹුව, මීගමුව සහ කොට්ටාව දක්වා ධාවනයේ යෙදවීම සිදුවනු ඇත.