27 July 2024
#දේශීය

වන අලි පහරකින් සිව් හැවිරිදි දරුවෙකු මරුට

කරුවලගස්වැව, රජවිගම ප්‍රදේශයේදී ඊයේ (30) සවස 7 ට පමණ ඥාතීන් සමඟ මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවෙකු වන අලි ප්‍රහාරයකට ලක් ඇති බව පොලිසිය පවසයි.

දරුවා බරපතල තත්ත්වයේ සිටි ඇති අතර ආණමඩුව රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

මිය ගිය දරුවා වයස අවුරුදු 04 ක් වන රජවිගම, කරුවලගස්වැව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ආණමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කරුවලගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *