27 July 2024
#දේශීය

ආරවුලක් දුරදිග ගොස් තරුණයෙක් මරුට

වීරකැටිය, මොරයාය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි 7 ට පමණ දෙපිරිසක් අතර ඇති වු ආවුලක් දුරදිග යාමෙන් එක් අයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය කාර්යාලය පැවසුවේ තියුණු ආයුධවලින් පහරදීම්වලින් මෙම ආරවුල සිදුව ඇති අතර එහිදී පුද්ගලයින් 06 දෙනෙකුට තුවාල සිදුව ඇත.

ඉන් එක් අයෙකු මිය ගොස් ඇති අතර මිය ගිය පුද්ගලයා මොරයාය පදිංචි වයස අවුරුදු 17 හැවිරිදි අයෙකි.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *