• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදේශිකයන්ට ලබන 15 වනදා සිට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය – රාජ්‍ය අමාත්‍ය ලසන්ත

23 March 2024
in දේශීය, පුවත්
විදේශිකයන්ට ලබන 15 වනදා සිට ගුවන් තොටුපළේදීම මෙරට රියදුරු බලපත්‍රය – රාජ්‍ය අමාත්‍ය ලසන්ත
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට රියදුරු බලපත්‍රය අවශ්‍ය විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපොලෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

රිය අනතුරු වින්දිතයන්ට අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙලද මාර්තු 01 වනදා ආරම්භ කළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා “ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රිය අනතුරු අවම කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා. විශේෂයෙන් රිය අනතුරු වින්දිතයන් ගැටළු රැසකට මුහුණ දෙන බව අප හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ රක්ෂණ ආයතන අතර පවත්වනු ලැබූ සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් ලෙස අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව කඩිනමින් වන්දි ලබා දීමේ වැඩපිළිවෙල මාර්තු 01 වනදා ආරම්භ කළා. මෙම වන්දි ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ මාර්තු 01 වනදා සිට ඉදිරියට පමණයි. අතීතයට බලපැවැත්වෙන පරිදි එය සිදු වන්නේ නැහැ. ඒ අනුව අනතුර සිදු වී වසරක් තුළ අදාළ රක්ෂණ ආයතනයට අයදුම් කිරීමෙන් උපරිමය රුපියල් ලක්ෂ 05ක් දක්වා වන වන්දි මුදල එම රක්ෂණ ආයතනයේ දිවයින පුරා පිහිටි ඕනෑම ශාඛාවකින් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. කෙසේ වෙතත් යම් වින්දිතයකු එම උපරිම වන්දි මුදලට වඩා වැඩි මුදලක් ලබා ගැනීමට බලාපොරොත්තු වනවා නම් ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදු වෙනවා. මෙම ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් ග්‍රාම සේවා නිලධාරීන් දැනුවත් කර තිබෙනවා. එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුව, ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක අමාත්‍යාංශය හා එක්ව මෙරට රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අපේක්ෂා කරන විදේශිකයන්ට අප්‍රේල් 15 වනදා සිට ගුවන් තොටුපළේදීම ඒ සඳහා අයදුම් කර, ගුවන් තොටුපළෙන් පිටතට පැමිණෙන විට රියදුරු බලපත්‍රය ලබා දීමට අවශ්‍ය සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා අයදුම් කිරීමේදී මාසයක කාලයක් සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නම් ඩොලර් 25ක්ද, මාස තුනක් සඳහා ඩොලර් 50ක්ද, මාස හයක් සඳහා ඩොලර් 75ක්ද, අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ඩොලර් 200ක්ද අය කිරීමට නියමිතයි. තවද අකුසලතා ලකුණු ලබා දීම ආරම්භ කරන තෙක් අප්‍රේල් 10 වනදා සිට මාර්ග නීති උල්ලංඝණයකදී දඩ මුදල් ගෙවීම් සිදු කරන තැපැල් කාර්යාල මඟින් වරදේ ස්වභාවය, අදාළ පොලිස් ස්ථානය, රියදුරු බලපත්‍රයේ විස්තර සහ දුරකතන අංකය යන තොරතුරු මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ දත්ත පද්ධතියට යොමු කරනු ලබනවා. එම දත්ත අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අදාළ දුරකතන අංකයට අනතුර පිළිබඳ කෙටි පණිවිඩයක් මෙන්ම වට්ස්ඇප් හරහා අනතුරට අදාළ වීඩියෝ පට යොමු කෙරෙනවා. තවද රිය අනතුරු අවම කිරීමේ දැනුවත් කිරීම් පාසල් මට්ටමින් ආරම්භ කළ යුතු බවද අප හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය එක්ව සෑම පාසලකම මාර්ග ආරක්ෂාව පිළිබඳ සංසද පිහිටුවීම අප්‍රේල් 03 වෙනිදා සිට ආරම්භ කරනවා. එහිදී විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත ශ්‍රේණි මට්ටමින් පාසල් සිසුන්ට ජනාධිපති පදක්කම දක්වා පියවර කිහිපයක් ඔස්සේ පදක්කම් පිරිණැමීමටත් අප සැළසුම් කර තිබෙනවා. රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී එම ජනාධිපති පදක්කම්ලාභීන් ලිඛිත පරීක්ෂණයෙන් නිදහස් කිරීමටද බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අධ්‍යාපන විද්‍යා පීඨයන්හිද මාර්ග ආරක්ෂාව පිළිබඳ සංසද පිහිටුවා මේ ආකාරයෙන්ම කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මීට අමතරව ‍රිය අනතුරු සහ මාර්ග නීති සම්බන්ධව පෙර පාසල් මට්ටමින් දැනුවත් කිරීම් සඳහා ද අවශ්‍ය පහසුකම් සළසනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පිහිටුවනු ලැබුවේ 1998 වසරේ දීයි. වත්මන් තත්ත්වය තුළ කටයුතු කිරීමට ඊට අයත් නෛතික බලතල ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව, කොමිෂන් සභාවක් බවට පත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුනවර්ධන මහතා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළා. ඒ අනුව නුදුරේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අදාළ අනුමැතිය ලබා ගැනීමටද අපේක්ෂා කරනවා යැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසිය.

Post Views: 9,845
Previous Post

කුමන ජන කොටසකට අයත් වූවද සෑම පුරවැසියෙකුටම ඉඩමක නීත්‍යානුකූල අයිතිය හිමි විය යුතුයි – ජනපති

Next Post

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කගේ මුඛයේ එකම දතක්වත් නැහැ – ඇමැති වෛද්‍ය රමේෂ්

editor ttvnews

editor ttvnews

Next Post
ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කගේ මුඛයේ එකම දතක්වත් නැහැ – ඇමැති වෛද්‍ය රමේෂ්

ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් 12% කගේ මුඛයේ එකම දතක්වත් නැහැ - ඇමැති වෛද්‍ය රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved