• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ක්‍රීඩා අරමුදලෙන් මුදල් වෙන් කිරීමට වට්ස්ඇප්වලින් -අමාත්‍ය රොෂාන්

2 September 2022
in ක්‍රීඩා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්‍රීඩා අරමුදලෙන් පැය 48 ක් ඇතුලත මුදල් වෙන් කිරීමට වට්ස්ඇප් තාක්ෂණය උපයෝගී කරගන්නා බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 31 වනදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේ දීය.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ තම අමාත්‍යාංශයට අයත් සෑම ආයතනයකම නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ප්‍රාදේශීය ක්‍රීඩා කවුන්සිල්, දිස්ත්‍රික් ක්‍රීඩා කවුන්සිල්, පළාත් ක්‍රීඩා කවුන්සිල් යන කවුන්සිල් තුනම පිහිටුවා ඒවා ජාතික ක්‍රීඩා කවුන්සිලය සමග ඒකාබද්ධව වැඩ කරන මට්ටමට පත් කළ යුතු බවයි.

එමෙන්ම පුහුණු කරුවන්ගේ සංගම් හා ක්‍රීඩකයන්ගේ සංචිත එක් තැනකට ඉතා කඩිනමින් ගෙන ආ යුතු බවද, පාසල් මට්ටමින් ක්‍රීඩාවට දක්ෂ දරු දැරියන්ට එයට ප්‍රවේශ වීම සඳහා අ.පො.ස( උ.පෙළ) විෂය නිර්දේශයට ක්‍රීඩා විෂය ඇතුළත් කිරීමට අවශ්‍ය මූලික කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බව ද අමාත්‍යවරයා නිලධාරීන් දැනුම්වත් කිරීමේ දී පෙන්වා දුන් විශේෂ කරුණු කිහිපයකි.

ඊට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධ සෑම ආයතනයක් සදහාම අධීක්ෂණ ඒකකයක් ස්ථාපිත කළ යුතු බවත්, එමගින් එම ආයතනවල සිදු කරන කාර්යයන් පසු විපරමට ලක් වන බවත් පෙන්වා දෙන ලදි. අමාත්‍යාංශයේ සිදු කරන ලිපි ගණුදෙනු වලදී අනුමැතිය ලබා දීම කඩිනම් කිරීමට වට්ස්ඇප් යෙදුම භාවිතා කිරීම ආරම්භ කළ යුතු බව දැන්වීය. කිසිදු අඩුපාඩුවක් නොමැතිව සිදු කරන නිවැරදි ඉල්ලීම් සඳහා ක්‍රීඩා අරමුදලෙන් පැය 48 ක් ඇතුලත මුදල් වෙන් කිරීමට වට්ස්ඇප් තාක්ෂණය උපයෝගී කර අදාල ලිපි ලේඛණයන්ට අනුමැතීන් ලබා ගැනීම මගින් සිදු කළ හැකි බව නිළධාරීන් දැනුම්වත් කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය. මෙම ක්‍රමවේදයන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මේ වන විට ඉතා සාර්ථකව සිදු වන බව පෙන්වා දුන්නේය.

කාණ්ඩ 07 කට වෙන් කරමින් පුහුණුකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වැඩ පිළිවෙල ආරම්භ කිරීමට යෝජනා කළ අමාත්‍යවරයා පැවසූවේ ක්‍රීඩා සංගම් හා සම්මේලන මගින් විදේශ තරගාවලි සදහා සහභාගී කරවීමට නියමිත තොරතුරු වසර ආරම්භයේදීම අමාත්‍යාංශය මගින් ලබා දෙන ආකෘති පත්‍රයක් මගින් ලබා දීම තුළින් තරගාවලි ආසන්නයේ දී අමාත්‍යාංශය යම් ප්‍රතිපාදනයක් ලබා දෙන්නේ නම් එය ලබා දීමට පහසුවක් බවත්, කිසිදු අපහසුතාවයකින් තොරව එම කටයුතු කරගෙන යාමේ හැකියාව ලැබෙන බවත් පෙන්වා දුණි.

ජනතාව වෙත ගොස් ඔවුන්ට අවශ්‍ය සේවය උපරිමයෙන් ලබා දී ගම් මට්ටමින් ක්‍රීඩා හා තරුණ කටයුතු සංවර්ධනය කිරීමට අමාත්‍යාංශයේ ආයතන සියල්ල ඒකාබද්ධ වී වැඩ කළ යුතු බව පෙන්වා දුන්නේය. මාධ්‍යයේ විවේචන වලට ලක් නොවෙන්නට කටයුතු කරන ලෙසත්, යම් චෝදනාවක් නගා ඇත්නම් එයට ඒ මොහොතේම පිළිතුරු දීමටත් කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුණි.

එළිමහන් ක්‍රීඩාංගන, ගෘහස්ථ ක්‍රීඩාංගන, කෘතිම ධාවනපථ හා පිහිණුම් තටාක නඩත්තුව පිළිබදව අප රට තුළ පුහුණු ශ්‍රමිකයින්ගේ අඩුවක් පවතින බවත් මෙම ක්ෂේත්‍රවලින් දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා බහුල බවත් ඉදිරියේදී එවැනි රැකියා අවස්ථා බිහි කිරීමට එම ක්ෂේත්‍රය හා සම්බන්ධ විදෙශ පුහුණුකරුවන් ශ්‍රී ලංකාවට ගෙන්වා ඔවුන් මගින් පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙස නිළධාරීන් දැනුම්වත් කරමින් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් දන්වා සිටින ලදි.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ඇතුළු අමාත්‍යාංශයට අයත් ආයතන, අධිකාරි, මණ්ඩල හා අංශවල ප්‍රධානීන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

 

Post Views: 0
Previous Post

රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ප්‍රමාදය වැළැක්වීමට පියවර

Next Post

IMF එකට යන්න එපා කියන කාටවත් විකල්ප වැඩපිළිවෙළක් නෑ – මන්ත්‍රී ජගත්

editor

editor

Next Post

IMF එකට යන්න එපා කියන කාටවත් විකල්ප වැඩපිළිවෙළක් නෑ - මන්ත්‍රී ජගත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved