26 July 2024
#දේශීය

මාතලේ තේ නිශ්පාදනයේ අඩු වීමක් ඇති බව ගාමිණි ජයතිස්ස කියයි

මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු නිශ්පාදනයේ සැලකිය යුතු මට්ටමේ පහත වැටමික් සිදුව ඇති බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ කැදවුම්කරු ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

හෙතෙම කියා සිටියේ මේ නිසා ලංකාවට ලැබෙන අපනයන ආදායමද පහත වැටි ඇති බවත් රන් පවුම් තේ වතු ජනසතු කිරිම කිරිමේ රජයේ වැඩපිළිවෙල අනුව ක්‍රියා කළත් තේ වතු බොහොමයක් සංවර්ධනය කිරිම අතරමග නවතා දමා ඇති බවද හෙතෙම පැවසිය.

මාතලේ දිස්ත්‍රික්කයේ තේ කර්මාන්ත ශාලා 12ක් මේ වන විට වසා දමා ඇති බවත් එහි යන්ත්‍රි සුත්‍ර ආදිය විනාශ වි ඇති බවත් පෞද්ගලික වතු පිරිස් මේ වන විට එහි තිබු විශාල ගස් ඇතුලු වටිනා දේ විකුණා ඇති බවද ගාමිණී ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

හෙතෙම අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ රටට විදේශ විනිමය ගෙන ඒමේ ප්‍රධාන අපනයන බෝගයක් වන තේ සදහා වැඩි ප්‍රමුඛත්වයක් ලබා දි කුඩා තේ වතු හිමියන්ට වඩාත් සහනයක් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *