• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගම්පහ රු.2000 පවුල් 116434ට ගෙවා අවසන් – ඇමැති ප්‍රසන්න

29 August 2021
in සංවර්ධන

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් ඒකක 116434ට මේ වන විට රුපියල් දෙදහසේ දීමනාව ලබාදී ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රට වසා දැමීමේ තත්වය යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ එදිනෙදා කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක ලෙස හඳුනාගනු ලැබූ දිස්ත්‍රික්කයේ තවත් පවුල් 230424ක් සඳහා දීමනාව ගෙවීමට නියමිතව තිබෙන බවයි.

රට වසා දැමීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 326858ක ජීවනෝපාය අහිමි වී ඇතැයි හඳුනාගෙන ඇති අතර මෙම පවුල් සඳහා රුපියල් 2000 දීමනාව ලබාදීම සඳහා රුපියල් 480,000,000ක මුදලක් රජය වැයකරයි.

ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33135ක්,කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 32411ක්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්22011ක්, මීරිගම ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ පවුල් 13989ක්, මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය පවුල 13989ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36045ක්, ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 26109ක්, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30128ක්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 15960ක්, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 20988ක්, මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 22521ක්, කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 27353ක් හා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30939කට මෙම දීමනාව ලබා දීමට නියමිතය.

මෙම දීමනාව හිමිවන්නේ රට වසා දැමීම නිසා ආදායම් මාර්ග අහිමි වූ සහ රජයෙන් ලබා දෙන කිසිදු දීමනාවකට හිමිකම් නොකියන පවුල්වලට බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Post Views: 6
Previous Post

මීනි පෙට්ටියේ තිබු ස්වර්ණාභරණ සොරකම් කල ප්‍රංශ කත අත්අඩංගුවට

Next Post

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් රාජ්‍ය ඇමැතින සුදර්ශනිය පිළිගැන්වයි

editor

editor

Next Post

දේශීය ශාකසාර සංඝටක 21කින් සැකසූ මුව ආවරණයක් රාජ්‍ය ඇමැතින සුදර්ශනිය පිළිගැන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved