• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සා.පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමට සියලු සහයෝගය දෙන්න – අධ්‍යාපන ඇමැති

23 May 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අ.පො.ස. (සා.පෙළ) විභාගය සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සියල්ල සූදානම් කර අවසන් බවත්, විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු සහයෝගය මේ අවස්ථාවේ දී ලබා දිය යුතු බවත්, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ 2021 අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී සිසුන් හා දෙගුරුන් අනුගමනය කළ යුතු උපදෙස් පිළිබඳ ව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිණි.

පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන් 517496ක් විභාගයට මුහුණ දෙන්න සූදානමින් සිටිනවා. ඒ වගේම විභාග මධ්‍යස්ථාන 3844ක් පවත්වාගෙන යන අතර එම මධ්‍යස්ථාන සම්බන්ධීකරණ කටයුතු සඳහා මධ්‍යස්ථාන 542ක් පවත්වාගෙන යනවා. මෙවර විභාගය දරුවන්ට විශාල අභියෝගයක් වෙලා තියෙනවා.

මේ දරුවන් සියල්ලම දිරිමත් කරනවා ඉතා සාර්ථකව විභාගයට මුහුණ දී විශිෂ්ඨ ප්‍රතිපල ලබා ගන්න කියලා. මානව සම්පත් සංවර්ධනයේ අවසාන ඉලක්කය වන්නේ අභියෝග ජයගැනීම බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

තව දුරටත් මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමත්‍යවරයා විභාගය සඳහා ඇති ප්‍රධාන අභියෝගය ඉන්ධන හිඟය බව ‍පෙන්වා දුන්නේය.

එම අභියෝග ජය ගැනීමට නම් ඒ සඳහා අප විසින් පහසුකම් සලසා දිය යුතු වෙනවා. එනම් දරුවන් විභාග ශාලාව වෙත රැගෙන යාම හා විභාගය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින නිලධාරීන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින්ට විභාග මධ්‍යස්ථාන වෙත අපහසුවකින් තොරව වාර්තා කිරීම වෙනුවෙන්.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් තමන් සියලුම ආණ්ඩුකාරවරුන් සම්බන්ධීකරණය කර බලධාරින් දැනුවත් කර විභාග අයැදුම්පත, විභාග රාජකාරි ලිපි, හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමෙන් ඉන්ධන ලබා දීමට පුමුඛතාවය ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තියෙනවා. මේ සඳහා ප්‍රාදේශීය ලේකවම්වරුන්, පොලීසිය දැනුවත් කර තියෙනවා මේ එන කීපදෙනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා. ඒ අනුව මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ අයට සහයෝගය ලබා දෙන ලෙස සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවට අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටතුල බරපතල යුද්ධයක් පැවැති අවස්ථාවකදීවත් කිසිදු විභාගයකට බාධාවක් එල්ල වුනු අවස්ථාවක් අප අත්දැකලා නැහැ. වර්තමානයේ රටේ පවතින මෙවැනි තත්ත්වයක් තුල දී කිසිඳු බාධාවකින් තොරව දරුවන්ට විභාගය වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ආයාචනා කළේය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ වන විට දුම්රිය ඇතුළු සියලු ප්‍රවාහන සේවාවන්, පෞද්ගලික බස්රථ සංගමය, ඛණිජ තෙල් සංස්ථාව, පොලීසිය හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු වෘත්තීය සංගම් විභාගය කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ජුනි 01 දක්වා පවත්වා ගෙන යාමට අවශ්‍ය සහයෝගය ලබා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .

Post Views: 4
Previous Post

මාවතගමදී වෙඩි තබා අයෙකු ඝාතනය කරයි…

Next Post

ZTE Blade A5 2020 ස්මාර්ට් දුරකථන මාදිලිය දැන් සිංගර් අලෙවිසැල් වෙතින්

editor

editor

Next Post

ZTE Blade A5 2020 ස්මාර්ට් දුරකථන මාදිලිය දැන් සිංගර් අලෙවිසැල් වෙතින්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

13 March 2026
කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

කාබුල් නුවරට පකිස්ථානයෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස් ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved