27 April 2024
#දේශීය

මාවතගමදී වෙඩි තබා අයෙකු ඝාතනය කරයි…

මාවතගම,පරගහදෙණිය ප්‍ර දේශයේ ඊයේ (21) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව මාවතගම පොලිසිය පවසයි.

එම පුද්ගලයාට පරගහදෙණිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබිම සිදු වු අතර මාවතගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 48 ක් වු සිංහදෙණිය, පරගහදෙණිය ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සම්බන්ධයෙන් ඝාතකයා හෝ ඝාතනයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *