ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවටද අක්තපත්‍ර ලබා දී ඇති ඝානා ජනරජයේ මහ කොමසාරිස් මහාචාර්ය ක්වාසි ඔබිරි-ඩාන්සෝ (Professor Kwasi Obiri-Danso) මහතා අගෝස්තු 25 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා හමුවී තිබේ.
මෙම හමුවේදී, දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු මෙන්ම ශ්‍රී ලංකාව සහ ඝානා අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පවතින අවස්ථා සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා සහ මහ කොමසාරිස්වරයා සාකච්ඡා කර ඇත.
















