ගිංතොට ගම්වාසීන්ගේ පාරම්පරික උරුමයක් වූ අවුලියා මලේ පල්ලියේ පාලනය සම්බන්ධයෙන් වූ උද්ඝෝෂණයක් ඊයේ (4) දහවල් ගිංතොට ජුම්මා මස්ජිද් දේවාස්ථානය ඉදිරිපිටදී පවත්වන ලදී.
මෙම උද්ඝෝෂණය සඳහා ගිංතොට හා ඒ අවට මුස්ලිම් බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, එහි ආරක්ෂාව සඳහා ගාල්ල පොලීසියේ නිලධාරී කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ද කැඳවා තිබිණි.














