• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රජයේ නිල පුවත් SMS සේවාව යළි ජනගත කරයි

24 September 2020
in දේශීය

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන රජයේ නිල පුවත් එස්.එම්.එස් සේවය යළි ජනගත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී අද (24) පෙරවරුවේ පැවැත්විණි.

කෙටි පුවත් සේවය සදහා ග්‍රාහක පිරිස නැවත ආකර්ෂණය කරමින් විශ්වසනීය ම නිල පුවත් සන්නාමයක් වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක රජයේ නිලපුවත් වෙබ් අඩවිය www.news.lk හා dgi.gov.lk වෙබ් අඩවිය සමඟ සමගාමීව අද ජංගම දුරකතන කෙටි පුවත් සේවය නැවත සක්‍රීයව ආරම්භ කිරීම සිදු විය.

දේශපාලන, ආර්ථික සමාජීය මෙන්ම රජයේ සංවර්ධන තොරතුරු එසැණින් මහජනතාව වෙත සන්නිවේදනය කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් කටයුතු කරන අතර එම වැඩපිළිවෙල තවදුරටත් වේගවත් කරමින් රජයේ නිල පුවත් කෙටි පණිවුඩ සේවය මෙසේ වඩා පුළුල් සේවයක් සැපයීමට ජනගත කිරීමට කටයුතු කරයි.

ඒ අනුව, රජයේ නිල කෙටි පුවත් සේවය මොබිටෙල් සහ ඩයලොග් යන දුරකතන ජාල ඔස්සේ ඔබවෙතට ලබාගැනීමට පහසුකම් සළසා තිබේ. මොබිටෙල් ජාලයෙන් REG (space) ලෙස ටයිප් කර 2299 ට සහ ඩයලොග් ජාලයෙන් info ලෙස ටයිප් කර 678ට එස් එම් එස් කිරීමෙන් නිල පුවත් සේවය ඔබගේ ජංගම දුරකතනයට සක්‍රීය කර ගත හැක

මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා,රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම ඩයලොග් සහ මොබිටෙල් ආයතන නියෝජනය කරමින් නිලධාරිහු පිරිසක් ද එක්ව සිටියහ.

Post Views: 8
Previous Post

පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ සුවිසි විවරණ මන්දිරය විවෘත කරයි

Next Post

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි – ජනපති කියයි

editor

editor

Next Post

ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් අනාගතයට අවශ්‍යයි - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved