ඇමරිකා-ඉරාන යුධමය තත්ත්වය සහ මැදපෙරදිග පවතින ආරක්ෂක අවදානම හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුකෙරෙන වාණිජ නාවික ගමනාගමනය අඛණ්ඩව පහත මට්ටමක පවතින බව මූලික නාවික දත්ත විශ්ලේෂණය කරමින් Reuters පුවත් සේවය වාර්තා කරයි.
නාවික දත්ත වාර්තා පෙන්වා දෙන්නේ සාමාන්‍යයෙන් දින 10 ක සාමාන්‍යය ලෙස දිනකට භාණ්ඩ ප්‍රවාහන නෞකා15 ක් පමණ මෙම පටු සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළද, අගෝස්තු 25 දිනයේදී ගමන් කර ඇත්තේ නෞකා 5 ක් වැනි ඉතා අඩු සංඛ්‍යාවක් බවයි.
ගෝලීය බොරතෙල් සහ ස්වාභාවික වායු ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම නාවික මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ මෙලෙස නාවික ගමනාගමනය 60% කට වඩා අඩුවීම හේතුවෙන් ජාත්‍යන්තර ඉන්ධන සැපයුම් ජාලයට සහ වෙළඳ නෞකා සඳහා වන රක්ෂණ පිරිවැයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.














