• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

තාවකාලිකව පසුබෑමකට ලක්ව ඇති නිවාස ව්‍යාපෘති, ණය හා ආධාර වැඩසටහන් ලබන ජනවාරි සිට කඩිනම් කෙරේ

8 November 2022
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආර්ථික අර්බුදය නිසා තාවකාලික ව පසුබෑමකට ලක්ව ඇති ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති හා නිවාස ණය හා ආධාර වැඩසටහන් ලබන ජනවාරී මාසයේ සිට කඩිනම් කරන බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙයි.

නව නිවාස ව්‍යාපෘති හා ආධාර, ණය වැඩසටහන් අලුතින් ආරම්භ කිරීමට පෙර දැනට ආරම්භ කර ඇති නිවාස ණය හා ආධාර වැඩසටහන් අවසන් කරන ලෙසද අධිකාරියේ සභාපතිවරයාට ඇමතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මන්නාරම, එරුක්කලම්පිට්ටි “Zakath Kuwait” ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මන්නාරම එරුක්කලම්පිට්ටි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිණි.

රජයේ අනුග්‍රහය යටතේ 2018 වසරේ සිට මේ දක්වා පවුල් 2,190 කට නිවාස ආධාර ලැබිය යුතු බව දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල් මහත්මිය මෙහිදී අමාත්‍යවරයාට පෙන්වා දුන්නාය.

වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය තුළ වුවද මෙම පවුල් 2,190 සඳහා ඉතිරි ආධාර මුදල ලබා දීමට ඉදිරියේදී ප්‍රතිපාදන වෙන් කරන බවද පසුගිය රජයන් විසින් සැලසුමක් නොමැතිව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙවැනි ගැටළු මතුවී ඇති බව අමාත්‍යවරයා පැවසිය‍.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් 2020 වසර සිට මේ දක්වා වූ කාලය තුළ “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර වැඩසටහන යටතේ නිවාස 23,688 ඉදිකිරිම් කටයුතු ආරම්භ කර ඇත. ඒ සඳහා වෙන් කළ මුදල වන්නේ රුපියල් මිලියන 14,271 කි. මේ වනවිට එයින් නිවාස 15,786 ක වැඩ අවසන් කර ඇත. “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ආධාර වැඩසටහන යටතේ 2020 සහ 2021 වර්ෂ වලදී නව නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 06 ක මුදලක් ලබා දුන් අතර එය 2022 වර්ෂයේ සිට රුපියල් ලක්ෂ 06 හමාරක් දක්වා වැඩි කරන ලදි. එම මුදල ප්‍රතිලාභීයාගෙන් නැවත අය කර ගනු නොලබයි.

තවද “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ණය වැඩසටහනද ක්‍රියාත්මක වන අතර ඒ යටතේ 2020 වර්ෂයේ සිට මේ වන තෙක් නිවාස 10,640 ක ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. ඒ සඳහා වැයවන මුදල ලෙස රුපියල් මිලියන 3,348 කි. මේ වනවිට එයින් නිවාස 10,053 ක වැඩ අවසන් කර ඇත. “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස ණය වැඩසටහන යටතේ නව නිවසක් ඉදිකිරීම සඳහා ප්‍රතිලාභී පවුලක් සඳහා රුපියල් ලක්ෂ 05 මුදලක් ලබා දෙනු ලබයි. එසේම පවතින නිවාස වැඩිදියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 03 ක මුදලක් ප්‍රතිලාභී පවුලක් වෙත ලබා දී ඇත.

“මිහිඳු නිවහන” නිවාස ආධාර වැඩසටහන යටතේ 2020 වසරේ සිට මේ දක්වා වූ කාලය තුලදී නිවාස 835 ක ඉදිකිරීම් ආරම්භ කර ඇත. ඒ සඳහා වැයකළ මුදල වන්නේ රුපියල් මිලියන 394 කි. එයින් නිවාස 412 ක ඉදිකිරීම් කටයුතු මේ වනවිට අවසන් කර ඇත.

අඩු ආදායම්ලාභී පවුල් සඳහා “සෙවණ ආධාර” වැඩසටහන යටතේ නිවාස 94 ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඒ සඳහා වැයකළ මුදල රුපියල් මිලියන 58 කි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් 2017, 2018 සහ 2019 යන වසර තුන තුලදී විරුසුමිතුරු නිවාස වැඩසටහන, විශේෂ අවශ්‍යතා සහිත අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහන සහ ඉන්දියානු ආධාර වැඩසටහන යන ව්‍යාපෘති තුන යටතේ ඉදිකරමින් පවතින නිවාස සංඛ්‍යාව 3,194 කි. ඒ සඳහා වැයවන මුදල රුපියල් මිලියන 1,284 ක් බවද මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.

සාකච්ඡාවෙන් අනතුරුව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මන්නාරම, එරුක්කලම්පිට්ටි නැගෙනහිර ප්‍රදේශයේ ඉදිවන නිවාස 350 කින් සමන්විත නිවාස ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සඳහා ද එහි ගියේය.

මෙම සාකච්ඡාව ග්‍රාමිය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ස්ටැන්ලි ද මෙල්, මන්නාරාම ප්‍රාදේශීය ලේකම් මනකරන් ප්‍රතීප්, මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති එම්.අයි. ඉස්සඩීන්, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 7
Previous Post

මහනුවර, උඩිස්පත්තුවේ ඉදිවන තරු 7 හෝටල නුදුරේදී විවෘත කෙරේ – ඉන්දික හේවාවසම්

Next Post

නව රැකියා අවස්ථා ලබාගැනීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ සෞදි අරාබියට

editor

editor

Next Post

නව රැකියා අවස්ථා ලබාගැනීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ සෞදි අරාබියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

22 May 2025
ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025

Recent News

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

22 May 2025
ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
අදත් තද වැසි

අදත් තද වැසි

22 May 2025
වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

වෙද වර්ජනය තාවකාලිකව අත්හිටුවේ

22 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

සෝමාලියානු රූ රැජිණගේ ලොවක් හැඬවූ කඳුලු කතාව

22 May 2025
ජනපති අනුරගේ උපදෙස්  නොතැකුවොත්  මාරාන්තික වන ලකුණු !!!

ජනපති අනුරගේ උපදෙස් නොතැකුවොත් මාරාන්තික වන ලකුණු !!!

22 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved