27 April 2024
#දේශීය

නව රැකියා අවස්ථා ලබාගැනීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ සෞදි අරාබියට

සෞදි අරාබියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩි රැකියා ප්‍රමාණයක් ලබා ගැනීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා දින සිව්දින නිල සංචාරයක් සඳහා අද (08) දින සෞදි අරාබිය බලා පැමිණියේ ය.

එහිදී නව රැකියා අවස්ථාවන් උදා කර ගැනීමට අවශ්‍ය සබදතා තර කර ගැනීමටත්, කලාපයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දී සිටින ගැටලු වලට විසදුම් ලබාගැනීමටත් බලාපොරොත්තු වේ.

සෞදි අරාබියේ ජාත්‍යන්තර සබදතා පිළිබද නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අග්නාන් මහතා විසින් ගුවන්තොටේ දී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පිළිගනු ලැබීය.

ඔහු අද දින සෞදි අරාබියේ මානව සම්පත් සහා සමාජ සංවර්ධන අමාත්‍ය ඉංජිනේරු අහමද් බින් සුලෙයිමාන් බින්අබ්දුල් අසීස් අල් රාජ්හි (Ahamed bin Sulaiman bin Abdul Aziz Al Rajhi) නිල සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත ව තිබේ.

අනතුරු ව සෞදිඅරාබියානු මානව සම්පත් හා සංවර්ධන අමාත්‍යංශය සහ මානව සම්පත් අරමුදල යටතේ ඇති නියාමනය වන ව්‍යාපාරික සේවා හා ව්‍යාපෘති කළමණාකරණය සම්බන්ධ රාජ්‍ය සමාගම වන Takamol සමාගමේ නිලධාරීන් සමග නිල සාකච්ඡාවට සහභාගී වීමට නියමිත ය. එහි දී Takamol සමාගම මෙහයවන ගෘහ සේවිකාවන් බඳවා ගැනීමේ කාර්යයන්ට පහසුකම් සැලසීම සහ අයිතිවාසිකම් සුරැකීම සදහා සේවා යෝජකයන්, ගෘහ සේවිකාවන් ඇතුළු සියලු දෙපාර්ශ්වය ම සම්බන්ධ වන Musaned මෙහෙයුම් පද්ධතියේ සේවාව ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත ව තිබේ.

එසේ ම රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙහෙයුම් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට ද නියමිත ය.

අමාත්‍යවරයාගේ නිල සංචාරය අතරතුර පීඩාවට පත් සංක්‍රමණික ගෘහසේවිකාවන්ට උපකාරක සේවා සපයන (Sakan) කාන්තා සුබසාධන මධ්‍යස්ථානය නිරීක්ෂණය සහ පීඩාවට පත් ව සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් පිළිබද සොයා බැලීම, සෞදි වාණිජ මණ්ඩලය සමග නව රැකියා අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, ව්‍යාපාරික එකමුතුව හමුවීම, ගල්ෆ් සෞඛ්‍ය සභාව සමග සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ රැකියා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම(GHC), රියාද් සහ ජෙඩාහි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීම, 2030 සෞදි දැක්මට අනුව ක්‍රියාත්මක වන ඩොලර් බිලියන 500ක ව්‍යාපෘතියක් වන තාබුක් හි පිහිටි NEOM ව්‍යාපෘතිය නිරීක්ෂණය සහ ඉදිකිරීම් ආශ්‍රිත රැකියා අවස්ථා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු නිල හමුවීම් රැසක් සිදුකිරීමට නියමිත ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *