27 April 2024
#ක්‍රීඩා

මහින්දගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ මමයි

ප්‍රජාතන්ත්‍රවාදය ඇති විය යුතු බව තමා හොඳින් දන්නා බවත් යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට මුළිකව කටයුතු කළේ තමා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ එළිය සසංවිධානය විසින් හලාවත ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය නැති වෙයිද, නීතියක් නැති වෙයිද යන කතිකාවක් පවතින බවයි.

2005 ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසු යුද්ධය අවසන් කරලා මේ රටේ ප්‍රජාත්‍රන්තවාදය ඇති කළා. මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තමා බව ඔහු කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය ඇති විය යුතු බව තමා හොඳින් දන්නා බවත් යුද්ධයෙන් පසුව උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට මුළිකව කටයුතු කළේ තමා බව ද කියා සිටියේය.

රටක් පාලනය විය යුත්තේ නීතිය හා සාමය ආරක්ෂා කරගනිමින් බව රාජපක්ෂ මහතා පැවසිය.

ඔහු පෙන්වා දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය පියවර ගත් බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *