27 April 2024
#සංවර්ධන

2025 දී කාර්මික විප්ලවිය වෙනසක්

2025 වන විට අපනයනය ආශ්‍රිත කොටගත් කාර්මිකකරණයේ විප්ලවීය වෙනසකට සූදානම් වෙමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති ශ්‍රී ලංකාවේ අපනයන ආශ්‍රිත කර ගත් කාර්මීකකරණය සඳහා ජාත්‍යන්තර සහය ලබා ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවේදීය.

මෙම සාකච්ඡාවට ආසියාවේ ඇති නැති පරතරය අඩු කිරීමේ පදනමේ මහා ලේකම් හා එක්සත් ජාතීන්ගේ (ESCAPE) සංවිධානයේ ප්‍රධාන ආර්ථික ශාස්ත්‍රඥ ආචාර්ය රවි රත්නායක, යුරෝපා කොමිසමේ තානාපති ටුන්ග් ලායි – මාර්ගියු (Tung-Lai Margue) යන මහත්වරු හා අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ අපනයන ආශ්‍රිත කොටගත් කාර්මිකකරණ වැඩ පිළිවල සඳහා අවශ්‍ය සහය සඳහා ඇති කරගෙන තිබූ යුනිඩෝ UNIDO සහයෝගිතා යෝජනාවලිය, යුරෝපා කොමසමේ ශ්‍රී ලංකා තානාපති ටුංග් ලායි – මාර්ගියු මහතා වෙත බාර දෙනු ලැබීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙසේ ද පැවැසීය.

“අපගේ රජයේ 2025 දැක්ම අනුව නව කාර්මිකරණ ජනපද ඇති කිරීම, ඒවා නවීකරණය කිරීම ඇතුළත් වන සංවර්ධිත හා උසස් ආර්ථිකයක් කාර්මිකකරණ කාර්ය භාරයට හේතු වෙනවා. ඒ වගේම මේ සදහා සුදුසු කාර්මිකකරණ ප්‍රතිපත්ති හා උපාය මාර්ග ද අවශ්‍ය වෙනවා. නමුත් වර්තමානයේ ශ්‍රි ලංකාවේ එවැනි ප්‍රතිපත්ති රාමුවක් නැහැ. මිට හොදම උදාහරණය වන්නේ ශ්‍රීලංකාවේ දළ දේශිය නිෂ්පාදනය 16.7 ක් වැනි අඩු අගයක පැවතීමයි. නමුත් තායිලන්තය වැනි ආසියාතික රටක වුවද දළ දේශිය නිෂ්පාදනය හෙවත් අගය සියයට 27 කට වඩා වෙනවා. මේ අනුව අපට පෙනී යන්නේ ශ්‍රි ලංකාවේ කාර්මිකකරණ ප්‍රතිපත්ති හා ශත්තිමත් උපාය මාර්ගයන් තවදුරටත්, ඉදිරියට දියුණු කළ යුතු බවයි. අප 2015-2020 කාල සීමාව තුළ මෙය ආරම්භ කර ක්‍රියාවට නැංවීමට සැළසුම් කර ක්‍රියාත්මක කරමින් සිටිනවා. මෙය අප බොහෝ සේ විශ්වාසය තබා තිබෙන ව්‍යාපෘතියක් වෙනවා” යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *