27 April 2024
#ක්‍රීඩා

JVP හිටියත් නැතත් මෛත්‍රිව ජනපති පුටුවේ වාඩි කරනවා

ජනතා විමුක්ති පෙරමුණේ සහය ඇතිව හෝ නැතිව 2020 දී නැවත වතාවක් ජනාධිපති පුටුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වාඩි කරවන්නට කටයුතු කර බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර කළාවැව ආසන බල මණ්ලඩය අමතමින්.

එහිදී ඔහු කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණයේදී මෙන් අවසාන මොහොතේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සහයත් ඒ සඳහා ලැබේවියැයි විශ්වාස කරන බවයි.

අපෙන් ඈත් වුණ කට්ටිය එකතු කර ගෙන, වෙන් වුණ සියළු දෙනා අපේ ගෙදරට ගෙන්වා ගෙන අපේම කරගෙන අළුත් ගමනක් ගිහින් ඉදිරියේ එන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා අවශ්‍යය බිම් මට්ටමේ වැඩසහන තමයි ලංකාව පුරාම මේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ බව අමාත්‍යවරයා කියා සිටියේය.

එහිදී දිසානායක මහතා මෙසේ අදහස් පල කර සිටියේය“ අනුර කුමාර දිසානායක මහත්තයා කිව්වලු ජනාධිපති අපේක්ෂකයා වෙන්න රනිල්ටත් බෑ, මෛත්‍රීටත් බෑ, දුමින්දට වෙන්නේ මෛත්‍රී මහත්තයාව ජනාධිපති පුටුවේ වාඩි කරන්න නෙමයි, ගෙදර පුටුවක වාඩි කරන්න කියලා.මම අනුර කුමාර මහත්තයාට කියනවා, ඔබතුමන්ලා අපි එකට එකතු වෙලා තමයි මෛත්‍රී මහත්තායව මේ පුටුවේ වාඩි කෙරෙව්වේ, ඒ අරමුණ බලාපොරොත්තුව තාමත් අපි තුළ තියෙනවා.එදා මෛත්‍රී මහත්තයාව දිනවන්න උදව් කරපු එකට බොහෝම ස්තූතියි අනුර කුමාර මැතිතුමනි.ඔබතුමන්ලාගේ සහය ඇති ව හෝ නැතිව, අපි විශ්වාස කරනවා අවසානයේ ඔබතුමාලත් මෛත්‍රී මහත්තයාටම සහය ලබා දෙයි කියලා.හැබැයි දුන්නත් නැතත් 2020 දී නැවත වතාවක් ජනාධිපති පුටුවේ වාඩි කරන්නේ පුංචි පවුලකින් ආව මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ව කියන එක අපි ඉතාම ආඩම්බරයෙන් කියනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *