27 April 2024
#දේශීය

හෝමගම රෝහල තුලත් කොරෝනා රෝගීන්ගේ ධාරිතාව ඉහළට

කොවිඩ් රෝගීන් සඳහාම ප්‍රතිකාර කෙරෙන හෝමාගම මූලික රෝහලද එහි උපරිම ධාරිතාවට ළඟා වී ඇති බව රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.

වෛද්‍ය අධිකාරිවරයා අද (08) දින සඳහන් කළේ මේ අවස්ථාවේ දී ඇතුළත් වන රෝගීන්ගේ විශේෂත්වයක් දකින බවයි.

ඔහු කියා සිටියේ මිට පෙර වාර්තා වු රෝගීන්ට වඩා මෙවර වාර්තාවන රෝගින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි. එසේම එම රෝගින් විශාල ප්‍රමාණයකට ඔක්සිජන් ලබා දීමට සිදුව ඇති බවත් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ඇඳන් සම්පූර්ණයෙන්ම රෝගීන්ගෙන් පිරී අවසන් බව ඔහු පැවසිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *