27 April 2024
#දේශීය

සති කිහිපයකට රට අගුළු දමන්න – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ඉල්ලීමක් 

ඩෙල්ටා ප්‍රභේදය ඉතාම වේගයෙන් ව්‍යාප්තවීමත්, රෝහල් පද්ධතියේ ධාරිතාව ප්‍රමාණය ඉක්මවා යෑමත් හේතුකොට ගෙන වෛරසය ව්‍යාප්තිය ඉතා ඉක්මනින් පාලනය කිරීම සඳහා සති කීපයකට හෝ රට අගුළු දැමීම (Lockdown) කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය විසින් පවසා ඇත්තේ මේ බැරෑරුම් අවස්ථාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රමුඛතම වගකීමක් බවයි.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වීමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන අතර දෛනික මරණ සංඛ්‍යාවද ශීඝ්‍ර ලෙස වැඩිවෙමින් පවතින බව  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා නිකුත් කළ  නිවේදයේ සඳහන් කර ඇත.

 ඩෙල්ටා ප්‍රභේදය ඉතාම වේගයෙන් ව්‍යාප්ත වන තත්ත්වයක් තුළ රෝහල් පද්ධතියේ ධාරිතාව පමණ ඉක්මවා ඇති අතර ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව රෝහල් පද්ධතියට දරාගත නොහැකි මට්ටමට ළඟා වී තිබෙන අතර

ගෝලීය කොවිඩ් – 19 වසංගතය තුළ අද අප රට, මෙතෙක් මුහුණදුන් ඉතාමත් බැරෑරුම් තත්ත්වයට මුහුණදී ඇති බව එම සංගමය පවසයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *