වත්මන් ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් එකක් බවත් ඔහු ජනාධිපතිවරයා ලෙස කරනු ලබන ප්‍රකාශයේ කියවෙන ආර්ථික කඩාවැටීම්, වංචා දූෂණ ඉහවහා යාම පිළිබඳව කරුණු ඔහුටද අදාළ වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා විසින් අද සිදු කරන ලද කතාව මහපොළොවේ යථාර්ථයත් වේ යැයි සිතන බවත් සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වෙන්න විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්, දරුණු ආර්ථික අර්බුදය එක පැත්තකින්, දැවැන්ත ජනතා විරෝධය තවත් පැත්තකින්. නමුත් රට වෙනුවෙන් මේ අසීරු අභියෝගය භාර ගැනීමට තමා තීරණය කල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කාම්බෝජයේ පැවැත්වෙන 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ (ARF) අමාත්‍ය රැස්වීමට මෙරට නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා සහභාගී වීමට නියමිතයි.
සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් අද (03) පැවැත්වීමට නියමිතයි. ඒ් සඳහා අදාළ පෙරහුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී ඊයේ (02) පැවැත්විණි. ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීහු, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.