ඉරාන පාලන තන්ත්‍රය තවමත් සුරැකිව පවතින නමුත් එරට හමුදාමය සහ නායකත්ව හැකියාවන් දැඩි ලෙස පිරිහීමට ලක්ව ඇති බව ඇමරිකානු ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාර්ඩ් මහත්මිය ප්‍රකාශ කරයි. ඇමරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ පැවති විශේෂ හමුවකදී ඇය සඳහන් කළේ ඉරානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඔවුන්ගේ මිලිටරි ශක්තිය බොහෝ දුරට විනාශ වී ඇති බවයි. කෙසේ වෙතත්, ඉරානයෙන් ඇමරිකාවට එල්ල විය හැකි ක්ෂණික තර්ජනය පිළිබඳව විමසූ අවස්ථාවේදී ඇය ඍජු පිළිතුරක් ලබා දීමෙන් වැළකී සිටි අතර, එවැනි තර්ජනයක් පවතින්නේ ද යන්න තීරණය කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බව අවධාරණය කළාය. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ අතර ලෝක වෙළඳපොළට තෙල් සපයන ප්‍රධාන මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම පිළිබඳව ද අවධානය යොමු විය.














