• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

CID කැදවන්නේ අපේ කටවල් වහන්ද? – මනුෂ පාර්ලිමේන්තුවේදී අසයි

21 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරු දඩයම් කර රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්ණ කිරීම් නතර කිරීමේ අරමුණින් තමන්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවට සාධාරණ සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී වරප‍්‍රසාද ප‍්‍රශ්ණයක් මතුකරමිනි.

එම ප්‍රකාශය පහත පරිදි සම්පුර්ණයෙන් “අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක ව්‍යෝහාරික අංශය මගින් සිදුකරන ලබනු බව ප‍්‍රකාශ කරන විමර්ශණයකට අදාල තොරතුරු ලබාගැනීම සදහා ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති හමුවීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නාරාහේන්පිට පොලිස් ස්ථානය හරහා මා වෙත කැදවීමක් ලැබී තිබුණි.

කවුරුන් විසින් කරනු ලැබූ කුමන ආකාරයේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශණය කිරීම සදහා මාගෙන් තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන්නේද යන්න නිශ්චිතව එම කැදවීමේ සදහන් කර නැත. ඒ ආකාරයට තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත කරුණු ගැන කිසිදු සදහනක් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවීම සිවිල් පුරවැසියෙක් ලෙස මාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වන අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස මාගේ වරප‍්‍රසාද උල්ලංඝනය කිරීමකි.

ඒ අකාරයට නිශ්චිත හේතුවක් නොදන්වනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දීම රටේ පවතින පොදු නීති පද්ධතිය ඉක්මවා යමින් ගනු ලැබූ ක‍්‍රියාමාර්ගයකි.

රටේ පවතින ගැටලු සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී කරනු ලබන ප‍්‍රශ්ණ කිරීම් නතර කිරීමේ අරමුණින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු දඩයම් කිරීම සදහා මෙවැනි කැදවීමක් කර ඇත්දැයි යන්න ගැන සාධාරණ සැකයක් මතුවන බව ඔබතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

මේ සම්බන්ධයෙන් මාගේ නීතීඥයින් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුර කරුණු විමසා සිටියෙමි. ඒ අනුව කුමන පරීක්ෂණයකට අදාල කරුණු හෙළිදරව් කළ යුතුද යන්නත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණ කිසියම් පැමිණිල්ලක් මත විමර්ශණ ආරම්භ කර තිබේද යන්නත් විමසුවෙමි.

කිසියම් අයෙක් පැමිණිලලක් කර තිබේනම් පැමිණිල්ල කර ඇති නිශ්චිත කරුණ කුමක්ද යන්නත්, එවැනි පැමිණිල්ලක් නොමැති නම් ස්වයං මෙහෙයවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශණයක් ආරම්භ කිරීමට හැකියාව තිබේද යන්නත් ප‍්‍රශ්ණ කළෙමි.

කිසියම් විමර්ශණයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා කැදවීමක් කරන්නේ නම්, අදාල විමර්ශණය ගැන නිශ්චිත කරුණු දැක්වීමක් කළ යුතු බව සේනාරත්න එදිරිව පුන්‍යා ද සිල්වා (1995) ශ‍්‍රී එල්.ආර්. නඩු තීන්දුවෙන් පැහැදිළිව සදහන්ව තිබියදීත් කරුණු විමසීමට යැයි පවසමින් මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලබන්නේ පාර්ලිමේන්තු කටයුතු සදහා මාගේ සක‍්‍රීය දායකත්වය ලබාදීම වැලැක්වීමේ අරමුණින් යැයි සාධාරණ සැකයක් මතුවේ.

නිශ්චිත විමර්ෂණයක් ගැන නොදන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට මැ කැදවන්නේ, පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගීවීම හා අනෙකුත් පාර්ලිම්න්තු කටයුතුවලට සකී‍්‍රය දායකත්වය ලබාදීමට ඇති අවස්ථාව වැලැක්වීමට බව මාගේ විශ්වාසයයි.

ඒ නිසා නිශ්චිත කරණු දැක්වීමකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීම මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසාද උල්ලංඝනය වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ඩිජිටල් ව්‍යෝහාරික විද්‍යාගාර ස්ථානාධිපති පාර්ලිමේන්තු වරප‍්‍රසාද කමිටුව හමුවට කැදවා පරීක්ෂණයක් කරන ලෙසත්, ඔවුන්ගේ ක‍්‍රියාවන් මගින් මාගේ පාර්ලිමේන්තු වරප‍්‍රසදා උල්ලංඝනය වී ඇති බවත් සදහන් කරන නියෝගයක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි.

Post Views: 2
Previous Post

කැටගොඩ දෙවන වරටත් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

Next Post

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved