27 April 2024
#දේශීය

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

2021 වසරේ ජූලි මස 09 වැනිදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 වසරේ ජූනි මස 28 වැනි දින ගැසට් පත්‍රයේ පළ කෙරුණි.

ඒ අනුව 2021 අංක 19 ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද (21) සිට බලාත්මකවේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *