27 April 2024
#දේශීය

කැටගොඩ දෙවන වරටත් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය වෙනුවෙනි.

ජයන්ත කැටගොඩ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු ලෙස මීට පෙර ද කටයුතු කළ අතර බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව ජයන්ත කැටගොඩ මහතා මෙලෙස එම සභාවාරය තුළ පාර්ලිමේන්තුවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ දෙවන වරටය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *