• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරනවා – ජනපති

20 May 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහා විහාර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපන් රජයේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් අද (20) උදෑසන බැහැදුටු අවස්ථාවේදී ය.

ථෙරවාදී බුදුදහම පිළිබද හැදෑරිය හැකි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාලයක් ලෙස එය ස්ථාපිත කරන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියේදී සිදුකරන තම ජපන් සංචාරයේදී මේ සඳහා ආධාර ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ද සඳහන් කළේය.

මේ සඳහා තායිලන්තය, භූතානය වැනි බෞද්ධ රටවල දායකත්වය ලබා ගැනීම ද අපේක්ෂාව බව ජනාධිපතිවරයා කියා සිටියේය.

බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත සංශෝධනය කිරීම සහ ථෙරවාදී භික්ෂු කතිකාවතක් ඇති කිරීමට අදාළ පනත් කෙටුම්පත ජනාධිපතිවරයා විසින් මල්වතු, අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාව ලබා ගැනීම සඳහා පිළිගැන්වීම ද එහිදී සිදු කෙරිණි.

පසුගිය පෙබරවාරි 19 වැනිදා මහනුවර ජනාධිපති මන්දිරයේදී මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් කළ ඉල්ලීම පරිදි මෙම පනත් කෙටුම්පත මාස තුනක් ඇතුළත සකසා නැවත මහනායක හිමිවරුන්ගේ අනුශාසනාව සඳහා පිළිගැන්වීම විශේෂත්වයකි.

ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සහ බෞද්ධ ප්‍රකාශන නියාමන පනත විධිමත්ව කඩිනමින් ඇති කිරීමේ අවශ්‍යතාව මහා නායක හිමිවරුන් විසින් මෙහිදී පෙන්වා දුන් අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය.

ඒ අනුව නිකායන් හතරෙහිම මහානායක ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡා කර අවශ්‍ය සංශෝධන සිදු කිරීමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද සඳහන් කළේය.

අද උදැසන පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත විය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මල්වතු මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළහ.

මහනුවර නගරයේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් අති නවීන නගරයක් ලෙස එය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා මහනුවර මහනගර සැලැස්මට අදාළ සංවර්ධන කටයුතු මේ වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවත්, රටේ සියලුම මග නගර සංවර්ධන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසීය.

පාතහේවාහැට සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා, නගර සභා බවට පත් කිරීමට අපේක්ෂා කරන බවත් එය මහනුවර නගර සංවර්ධන සැළැස්ම යටතේ ක්‍රියාත්මත් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මහනුවර පැරණි බන්ධනාගාරය සහ තැපැල් කාර්යාලයේ ඓතිහාසික වටිනාකම් සුරක්ෂිත කරමින්, සංචාරක ආකර්ශනයට ලක්වන ප්‍රදේශයක් ලෙස සංවර්ධන කිරීම සඳහා වන සැලසුම් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

එමෙන්ම කුරුණෑගල සහ ගලගෙදර දක්වා වන අධිවේගි මාර්ගය කටුගස්තොට දක්වා දීර්ඝ කිරීමට ඇති හැකියාවත්, ඉන් සැළසෙන ප්‍රතිලාභ පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා” මහ නගර සැලැස්ම යටතේ මෙම මහනුවර නගරය කඩිනමින් සංවර්ධනය කිරිමට මම බලාපොරොත්තු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සාර්ථක කරගෙන ලබන සැප්තැම්බර් මාසය වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට හැකි වෙයි කියා මම විශ්වාස කරනවා. ඉන් පසු රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා බොහෝ ප්‍රමාණයක් ආයෝජන අවශ්‍ය වෙනවා. ඒ වගේම සංචාරකයන් වැඩි පිරිසක් මෙරටට ගෙන්වාගත යුතුයි. ත්‍රිකුණාමලය නව නගර සැලස්ම දැන් ක්‍රියාත්මකයි. මහනුවර මහනගර සංවර්ධන සැලැස්ම මේ වසරේ ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. ඉන් පසුව යාපනය මහ නගර සංවර්ධනය සිදු කරනවා. ඒ වගේම ජපන් ආධාර යටතේ මහා විහාර විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ථෙරවාදි බුදු දහම ඉගැන්වීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම කෘතීම බුද්ධිය සහ මනස පිළිබඳව ඉගැන්වීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අපි අවධානය යොමු කර තිබෙනවා. ඉදිරියේදී හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 8 ක අස්වැන්නක් නෙළා ගැනීමට එමගින් හැකියාව තිබෙනවා. එක් කිරි ගවයකුගෙන් කිරි ලීටර් 10ක් ලබා ගැනීමේ හැකියාව මෙම කෘෂි නවීකරණ වැඩපිළිවෙල හරහා සිදු කළ හැකියි. ඒ වගේම මහනුවර ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින් දවසක් හෝ දෙකක් රඳවා තබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ වගේම සංචාරක මගපෙන්වන්නන් ලියාපදිංචියත් ඉතා වැදගත්. ඔවුන්ට දළදා මාළිගාව පිළිබඳව සහ බෞද්ධ ඉතිහාසය උඩරට ඉතිහාසය ගැන දැනුමක් ලබාදිය යුතුයි. යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත විය.

අස්ගිරි මහා විහාරයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා විමසා බැලූ අතර අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙත ආශිර්වාද පළ කළහ.

පසුගිය වෙසක් සැමරුම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අවශ්‍ය සමාජ පසුබිම සැකසීම පිළිබඳ අස්ගිරි මහා නා හිමි ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින් වහන්සේලා මෙහිදී ජනාධිපතිවරයා වෙත ප්‍රසාදය පළ කළහ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ . ගමගේ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Post Views: 2
Previous Post

ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතු යි – විපක්ෂ නායක සජිත් 

Next Post

ජනපති මහනුවර රදගුරු හිමිපාණන් බැහැදකියි

editor

editor

Next Post

ජනපති මහනුවර රදගුරු හිමිපාණන් බැහැදකියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025
මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025

Recent News

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

පුබුදු දසනායක අමෙරිකාවේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකාර ධුරයට

15 May 2025
මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

මෝටර් රථයක් තලවකැලේ දී අනතුරක

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

රාජ කුමාරි ඝාතන නඩුව – විත්තිකරුවන්ට පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට දින දෙයි

15 May 2025
පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

පොහොර වංචාවක් – 12ක් අත්අඩංගුවට

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved